gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

EPF එක මංකොල්ල කන්න හදපු වෙලාවේ කම්කරුවෝ 40,000ක් පාරට බැහැලා අරමුදල බේරගත්තා – මේ ආණ්ඩුව ත්‍රෛපාර්ශ්වික ක්‍රමය අවභාවිතා කරනවා…

ලංකා බැංකු සේවක සංගමයේ 15 වන ජාතික නියෝජිත සම්මේලනය හෝමාගම Dr. T. A. G. Gunasekara Multifunction Hall හිදී අද (10) පැවැත්වුණා. මෙම සම්මේලනයේදී පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති නියෝජනය කරමින් අදහස් දැක්වූ නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් මහතා, වත්මන් රජය විසින් ක්‍රියාවට නැංවීමට උත්සාහ කරන කම්කරු නීති සංශෝධන සහ සේවක අර්ථසාධක අරමුදල මුහුණ දී ඇති තර්ජන පිළිබඳව කරුණු පැහැදිලි කළේය.

රටවල් කිහිපයක් මුහුණ දී ඇති යුදමය වාතාවරණය හේතුවෙන් ලෝකය තෙවන ලෝක යුද්ධයක අද්දරට පැමිණ ඇති සන්දර්භයක සහ ශ්‍රී ලංකාව දැඩි අභියෝග රැසකට මුහුණ දී ඇති මොහොතක මෙම සම්මේලනය පැවැත්වෙන බව ඒ මහතා පෙන්වා දුන්නේය.

විශේෂයෙන්ම කම්කරු ක්ෂේත්‍රය මුහුණ දී ඇති අවදානම පෙන්වා දෙමින් ඒ මහතා අවධාරණය කළේ, පෞද්ගලික අංශයේ සේවකයන් සතු ප්‍රධානම අරමුදල් වන සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවක භාර අරමුදල (ETF) පාලනය කිරීම සඳහා ආණ්ඩුව ත්‍රෛපාර්ශ්වික සූත්‍රය අවභාවිත කිරීමට සැරසෙන බවයි. ත්‍රෛපාර්ශ්වික ක්‍රමය (Tripartite system) පවතින්නේ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට සහ සමාජ කතිකාවන් (Social dialogue) ගොඩනැගීමට මිස සේවකයන්ගේ මුදල් හෝ අරමුදල් පාලනය කිරීමට නොවන බවත්, වත්මන් ආණ්ඩුව මෙම ක්‍රමය අවභාවිත කරමින් පෞද්ගලික, අර්ධ රාජ්‍ය සහ බැංකු ක්ෂේත්‍රයේ සේවකයන්ගේ අරමුදල්වලට බරපතල තර්ජනයක් එල්ල කරමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් චෝදනා කළේය.

“අපි දන්න ත්‍රෛපාර්ශ්වික ක්‍රමය නම් තියෙන්නේ අරමුදල් පාලනය කරන්න නෙමෙයි, ප්‍රතිපත්තිමය තීරණ ගන්න. සමාජ කතිකාව, සෝෂල් ඩයලොග් කියන්නේ ප්‍රතිපත්තිමය තීරණ ගන්න ක්‍රියාවලියක් මිසක් මුදල් නැත්නම් අරමුදල් පාලනය කරන ක්‍රමයක් නෙමෙයි. නමුත් අපි දන්නවා මේ ආණ්ඩුව දැන් ත්‍රෛපාර්ශ්වික ක්‍රමය කියන එක අවභාවිතා කරමින් පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය අංශයේ, සමහර බැංකු සේවකයන්ටත් බරපතල තර්ජනයක් එල්ල කරමින් ඉන්න බව.”

අතීතයේදී ද මෙවැනි අභියෝග පැමිණි අවස්ථාවලදී ලංකා බැංකු සේවක සංගමය සහ අනෙකුත් වෘත්තීය සමිති ඒකාබද්ධව ඒවා ජයගත් ආකාරය ඇන්ටන් මාකස් සිහිපත් කළේය. එහිදී ඔහු විශේෂයෙන්ම පෙන්වා දුන්නේ එප්පාවල පොස්පේට් නිධිය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව දියත් වූ දැවැන්ත අරගලයයි. රජය විසින් එම ජාතික සම්පත පෞද්ගලික අංශයට පැවරීමට ගත් උත්සාහය, වෘත්තීය සමිති සියල්ලේම ඒකාබද්ධ ශක්තිය සහ නොසැලෙන මැදිහත්වීම හේතුවෙන් සාර්ථකව පරාජය කිරීමට හැකි වූ බව ඔහු සඳහන් කළේය.

එමෙන්ම, 2011 වසරේදී එවකට පැවති ආණ්ඩුව පෞද්ගලික අංශයේ සේවකයන්ට විශ්‍රාම වැටුපක් හඳුන්වා දෙන බව පවසමින් සේවක අර්ථසාධක අරමුදල (EPF) මංකොල්ලකෑමට දැරූ දූරදර්ශී උත්සාහය පරාජය කළ ආකාරයද ඔහු පැහැදිලි කළේය. එහිදී 2011 මැයි 24 වන දින කටුනායක නිදහස් වෙළඳ කලාපයේ 40,000කට අධික කම්කරුවන් පිරිසක් තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පාරට බැස දිවි පරදුවට තබා සිදුකළ ඓතිහාසික අරගලය හේතුවෙන් එම අරමුදල් ආරක්ෂා කර ගැනීමට හැකි වූ බවත්, ඒ සඳහා ලංකා බැංකු සේවක සංගමය ඇතුළු ස්වාධීන වෘත්තීය සමිති පෙරමුණ ගෙන නායකත්වය දුන් බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

වත්මන් රජය විසින් ගෙන ඒමට නියමිත, සේවක අයිතීන් කප්පාදු කෙරෙන “ආරක්‍ෂණ කම්කරු නීති සංශෝධන” මුළුමනින්ම පරාජය කළ යුතු බවත්, ඒ සඳහා ලංකා බැංකු සේවක සංගමය මෙම සම්මේලනයේදී ශක්තිමත් යෝජනා සම්මත කරගනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඔහු පැවසීය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka