මීගමුවේදී පොලිසිය STF වෙඩි තබා නෑ... ජේලර්ලා අතේ අවි නෑ... 14ක් වෙඩි වැදී මිය යාම අමුතු අබිරහසක්!
මීගමුව බන්ධනාගාරයේ මෑතකදී ඇති වූ බිහිසුණු ගැටුම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලදී අතිශය සංවේදී සහ අමානුෂික තොරතුරු රැසක් අධිකරණය හමුවේ අනාවරණය වී තිබේ. මෙය හුදු ගැටුමකට එහා ගිය සංවිධානාත්මක ප්‍රහාරයක් බවට සැක කෙරෙන කරුණු රැසක් මෙහිදී මතු විය.
අනාවරණය වූ තොරතුරුවලට අනුව, මෙම ගැටුමේදී මීගමුව බන්ධනාගාරයේ සාමාන්‍ය රාජකාරිවල නිරත ජේලර්වරුන්ට කිසිදු හානියක් සිදුව නොමැති අතර, රැඳවියන් විසින් ඔවුන්ව ආරක්ෂා කර පිටතට එවා තිබේ.
ප්‍රහාරයේ ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ බන්ධනාගාර මූලස්ථානයට අනුයුක්තව සිටින බන්ධනාගාර පොලිස් ඒකකයේ නිලධාරීන්ය.
රැඳවියන්ගේ ප්‍රහාරයට ලක්වූ බන්ධනාගාර නිලධාරීන් මුළු පිරිසෙන් මීගමුව බන්ධනාගාරයේ රාජකාරි කළ නිලධාරීන් සිටිනුයේ දෙදෙනකු පමණක් බවත් ඝාතනයට ලක්වූ සහ බරපතළ තුවාල ලැබූ සෙසු සියලුම නිලධාරීන් කොළඹින් ගිය හදිසි උපක්‍රමික බළකායේ (බන්ධ පොලිස්) නිලධාරීන් බවත් විමර්ශනවලින් හෙළි වී ඇත.
මියගිය නිලධාරීන් ඝාතනය කර ඇති ආකාරය අතිශය බිහිසුණු බව මරණ පරීක්ෂණ වාර්තා උපුටා දක්වමින් අනාවරණය විය. නිලධාරීන්ගේ හිස් කුඩු කර, ලිංගික අවයව කපා දමා තිබූ අතර, එක් නිලධාරියෙකුගේ ලිංගික අවයවයක් කපා අධිකාරීවරයාගේ මේසය මත තබා තිබූ බව ද සඳහන් වේ. ඇතැම් නිලධාරීන්ගේ සිරුරුවලට කොසු මිටි සහ පොලු කැබලි ඇතුළු කර තිබූ බව ද හෙළි විය.
සිද්ධියෙන් පුද්ගලයන් 14 දෙනෙකු වෙඩි වැදී මියගොස් ඇති අතර, පොලිසිය හෝ විශේෂ කාර්ය බලකාය වෙඩි තැබීමක් සිදු කර නොමැති බව දැනට අනාවරණය වී ඇත.
මියගිය නිලධාරීන් ද ගිනි අවි රැගෙන ඇතුළට ගොස් නොමැති පසුබිමක, මෙම වෙඩි තැබීම් සිදු කළේ කවුරුන්ද යන්න ගැටලුවකි. රැඳවියන් අතට පත් වූ ගිනි අවිවලින් මෙම වෙඩි තැබීම් සිදු වූයේද යන්න පිළිබඳව සැකයක් පවතී.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රිපීටර් තුවක්කු 22ක් සහ T56 ගිනි අවි 10ක් සිය භාරයට ගෙන ඇති අතර, වෙඩි තැබීම් සිදු වූයේ කුමන අවිවලින්ද යන්න තහවුරු කර ගැනීමට රස පරීක්ෂක වාර්තා කැඳවා තිබේ.
මේ අතර, ඩෙංගු රෝගයෙන් පෙළෙමින් සිටියදී සේවයට වාර්තා කර ගේට්ටුව අසලදී වෙඩි තැබූ නිලධාරියාට මේ වන විට මරණ තර්ජන එල්ල වෙමින් පවතින බව ද වාර්තා වේ.
ගැටුම සැලසුම් කළ බවට සැක කෙරෙන සුරේෂ් නමැත්තා මියගොස් නොමැති බවත්, ඔහු කොන්දේ ආබාධයකට ලක්ව සිටින බවත් හෙළි විය. අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී මියගොස් ඇත්තේ වෙනත් සුරේෂ් නමැත්තෙකි.
මීගමුවේදී පොලිසිය STF වෙඩි තබා නෑ... ජේලර්ලා අතේ අවි නෑ... 14ක් වෙඩි වැදී මිය යාම අමුතු අබිරහසක්!
2026-07-11T12:06:00+05:30
Gossip Lanka Hot News






