gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලංකාවේ තවත් දේශපාලන පෙරළියක්.. නාමල්, ගෝඨාභය රාජපක්ෂත් එක්ක රනිල් වික්‍රමසිංහත් බැරෑරුම් සාකච්ඡාවක (VIDEO)

දේශපාලනය කියන ටොපික් එක ඇඳ්දත් ගොඩක් අයට මතක් වෙන නම් ටිකක් තියෙනවනේ.

ඒ අතර රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ කියන්නෙත් උඩින්ම මතක් වෙන නම් කියලා ආයේ අමුතුවෙන් අටුවා ටිකා කියන්න්න ඕනේ නෑනේ.

කොහොම වුණත් දේශපාලන වේදිකාවල, ඒ ඒ අයගේ රජයන්, ආණ්ඩු ආවම බැන ගන්න, විවේචනය කරන ඔය කවුරු කවුරුත් යටින් ගහන්නේ වෙනම ගේමක් කියලා සමහර ජනතාව කියන්නේ කට කහනවට වෙන්න බෑනේ.

ඒවගේ කතා මතුවෙන්නත් එක එක කාලෙට ඒකටම ගැළපෙම පුවත් මතු වෙන්නේ ගින්නක් නැතුව දුමක් නගින් නෑ කියලා අතීතේ අපේ මුතුන් මිත්තෝ කියපුවා ඇස් පනා පිටම ඔප්පු වෙද්දි.

ඔන්න ඉතින් මෙදා පාරත් රනිල් වික්‍රමසිංහ, නාමල් රාජපක්ෂ වගේම ගෝඨාභය රාජපක්ෂත් හරි අපූරු සාකච්ඡාවක නිරත වෙන දර්ශන සමාජ මාධ්‍යය පුරාවටම සංසරණය වෙනවා.

දේශපාලන ලෝකේ ප්‍රබලයෝ ටිකක් එකම තිරයක දකින්න ලැබීම සාමාන්‍ය දෙයක් වුණත් කාලෙන් කාලෙට මෙයාලා දරපු මතවාද අදහස් වගේම එක එක්කෙනා ජනතාවට පෙන්නපු මූණුත් නිසා මේ වෙනකොට මේ දර්ශන සමාජ මාධ්‍ය පුරාවටම සංසරණය වෙන්නේ උපහාසාත්මක අදහසුත් එක්කයි.

මොනවා වුණත් ඉතින් අවසානෙට කවුරුත් කියන්නේ අපි ඔක්කොම යාළුවෝ මල්ලි කියලා තමයි.

ඒ නිසා කෝකටත් සුදු ඇඳගත්ත දේශපාලකයෝ කියන හැමදේම බුද්ධියෙන් අහන්න වගේම නිවැරදිව කටයුතු කරන්නත් ජනතාව මීට වඩා විමසිලිමත් වෙන්න ඕනේ.

අඳාළ වීඩියෝව උපුටා දක්වා ඇත,
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka