“ලංකාවටම වැරද්දක් උණා-ඒ ගැන සමාව ඉල්ලනවා” - මිස්ට කොත්තු කියයි (VIDEO)
ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ කොත්තු අවන්හල් ජාලයක සේවකයෙකුට පහර දුන් බවට එල්ල වූ චෝදනා මත අත්අඩංගුවට ගත් එහි හිමිකරු, ඊයේ (30) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදාහැර තිබේ.
එහිදී රුපියල් 500,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදාහැරීමට අධිකරණය නියෝග කළේය.
අදාළ අවන්හල් ජාලයේ එක් ශාඛාවක සේවකයෙකුට එහි හිමිකරු විසින් ශාරීරිකව පහර දෙන අයුරු දැක්වෙන CCTV දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය.
පොලිසිය ප්‍රකාශ කළේ අද උදෑසන සැකකරු මහරගම පොලිසිය වෙත භාර වීමෙන් අනතුරුව මෙලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ බවයි.
ඇප ලබාගැනීමෙන් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් පලකළ අදාළ පුද්ගලයා මෙසේ සඳහන් කළේය.
“කරන්න තියෙන යුතුකම කළා. වැරද්දක් උණා. ලංකාවටම වැරද්දක් උණා. ඒ ගැන ඇත්තටම සමාව ඉල්ලනවා. සේවකයන්ට මගේ අතින් වෙච්ච දේ ගැන වැරද්දක් තියෙනවා. ඉස්සරහට ඒ වැරදි හදාගෙන අලුත් ගමනක් යන්න බලාගෙන ඉන්නවා.”
මේ පුවත තව අයට බලන්න
“ලංකාවටම වැරද්දක් උණා-ඒ ගැන සමාව ඉල්ලනවා” - මිස්ට කොත්තු කියයි (VIDEO)
2026-07-01T07:20:00+05:30
Gossip Lanka Hot News





