gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමරිකානු බද්ද 10%ට අඩු වුණේ ජනාධිපතිගේ දක්ෂතාව නිසායි… ඉල්ලීමක් කළොත් ඉදිරියටත් මගේ සහය ආණ්ඩුවටයි…! – මහින්ද සමරසිංහ

ශ්‍රී ලංකාව සඳහා වන එක්සත් ජනපද තීරුබදු 44% සිට 10% දක්වා අඩු කරගැනීම අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිසෙහි කාලෝචිත ක්‍රියාමාර්ග, කැපවීම සහ දක්ෂතාවෙහි ප්‍රතිඵලයක් බව ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ පවසයි.

තානාපතිවරයා සිය නිල ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාව සඳහා වන එක්සත් ජනපද තීරුබදු 10% දක්වා අඩු කෙරේ.

ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා පැවැත්වීම, අතිගරු ජනාධිපතිතුමන්ගේ කාලෝචිත ක්‍රියාමාර්ග සහ අදාළ නියෝග, මුදල් ලේකම් හර්ෂණ සූරියප්පෙරුම (දූත කණ්ඩායමේ නායක), මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ, වෙළඳ ලේකම් විමලේන්දිරරාජා, ප්‍රධාන ආර්ථික උපදේශක සහ ආයෝජන මණ්ඩල සභාපති දුමින්ද හුලංගමුව සහ ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා දූත පිරිසේ දැඩි කැපවීම සහ දක්ෂ ලෙස ඉලක්කගතව සාකච්ඡා පැවැත්වීම, දෛනික සම්බන්ධීකරණය, බුද්ධි තොරතුරු රැස් කිරීම, උපදෙස් සහ වොෂින්ටන් ඩීසී හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හොඳ හිත ගොඩනැගීම හේතුවෙන් ශ්‍රී ලංකාවට මෙම හිතකර ප්‍රතිඵලය ලැබුණි.

ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස මාගේ දිගු සේවා කාලය තව දින කිහිපයකින් අවසන් කරන අතර, මෙම ධනාත්මක ප්‍රතිඵලය තිරසාරව පවත්වා ගැනීම සඳහා ජය ගැනීමට තවත් අභියෝග ඇති බැවින්, අප ඉදිරියට යාමේදී උදාසීන නොවිය යුතු බවට ඔබ සැමට වචනයක් ඉතිරි කිරීමට කැමැත්තෙමි.

ඉල්ලීමක් කළහොත් ජනාධිපතිතුමාට සහ එතුමාගේ රජයට මගේ සහාය ලබා දීමට මම සූදානමින් සිටිමි. අපගේ ආදරණීය මව්බිමේ යහපත වෙනුවෙන් දේශපාලන න්‍යාය පත්‍ර පසෙක තබා කණ්ඩායමක් ලෙස කටයුතු කළහොත්, ශ්‍රී ලාංකිකයන් ලෙස අපට ජයගත නොහැකි කිසිවක් නොමැත!

මහින්ද සමරසිංහ
තානාපති
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka