gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කපිලගේ මරණයට අදාළ සාක්ෂි ප්‍රමාදය මහේස්ත්‍රාත්වරයාගේ විමතියට!

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා මියගොස් සිටි ස්ථානයේ තිබී සොයා ගන්නා ලද හඳුනා නොගත් ඖෂධ වර්ග පිළිබඳ රජයේ රස පරීක්ෂක වාර්තාව කඩිනමින් කැඳවීමට කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා පියවර ගෙන තිබේ. 

ඒ අනුව, අදාළ වාර්තාව කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින් මහෙස්ත්‍රාත්වරයා පෙරේදා (08 වැනිදා) රජයේ රස පරීක්ෂකවරයා වෙත විශේෂ සිහි කැඳවීමක් යොමු කළේය.

හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගේ නිවසේ කාමරයක තිබී සොයාගත් මෙම නාඳුනන ඖෂධ සම්බන්ධයෙන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙතින් මෙතෙක් කිසිදු වාර්තාවක් ලැබී නොමැති බව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේය. එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

මීට අමතරව, මරණකරුට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ද මෙතෙක් තමන් වෙත ලැබී නොමැති බව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මෙහිදී වැඩිදුරටත් අධිකරණයට පෙන්වා දුන්නේය. ඒ අනුව එම පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව වහාම ඉදිරිපත් කරන ලෙස දන්වමින් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත ද සිහි කැඳවීමේ ලිපියක් නිකුත් කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. මෙම විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව සොයා බැලීම සඳහා අදාළ නඩු කටයුත්ත මේ මස 22 වැනිදා නැවත කැඳවීමට ද නියම විය.

ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එයාර් බස් වර්ගයේ ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකදී අමෙරිකානු ඩොලර් ලක්ෂ 20 ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි කපිල චන්ද්‍රසේන මහතාව 2026 මැයි මස 06 වැනිදා ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබුණි. එහෙත්, ඇපකරුවන් සම්බන්ධයෙන් මතු වූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් ඔහුව නැවත අත්අඩංගුවට ගන්නා ලෙස මැයි මස 07 වැනිදා නියෝග කෙරුණු අතර, ඉන් පසුදින එනම් මැයි මස 08 වැනිදා කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගේ නිවසේ කාමරයක් තුළ ඔහු මියගොස් සිටියදී සොයා ගැනුණි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka