සලේට දෙන සැප ගැන ඇහුවම මටත් හිරේ යන්න හිතෙනවා - මනුවර්ණ
හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන ලබාදී ඇති සැප පහසුකම් ගැන ඇසූ විට තමන්ටත් සිරගත වීමට සිතෙන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජගත් මනුවර්ණ මහතා පවසයි.
"දැන් ලංකාවේ දූෂණ වංචාවලට ගෑවිච්ච සියලු දෙනා සලිත වෙලා ඉන්නෙ. ඒක ජනතාවගෙත් අපේක්ෂාව. මොකද මේ යුක්තියේ යුගය. විශේෂයෙන්ම මේ සුරෙෂ් සලේ වගේ කෙනෙක්ගේ බිරිඳට සහ ඔහුගේ දරුවන්ට පවුලේ හිතවතුන්ට කියන්න ඕනෙ, සුරේෂ් සලේ වගේ කෙනෙක්ව බේරාගන්න ඕනෙ අපෙන් නෙවෙයි රාජපක්ෂලාගෙන්.
ඔහුව පරෙස්සම් කරගන්න ඕනෙ උදය ගම්මන්පිලලාගෙන්. ඔහුව පරෙස්සම් කරගන්න ඕනෙ විමල් වීරවංශලාගෙන්, සරත් වීරසේකරලාගෙන්. මොකද ඔහුට තර්ජන තියෙන්නෙ ඔවුන්ගෙන්. අපේ ආනන්ද විජේපාල මහජන ආරක්ෂක ඇමතිතුමා ඔහුට ලබාදීලා තියෙන සැප පහසුකම් ගැන කිව්වා. සිරගත වෙන්න හිතෙනවා ඒ දෙන සැප පහසුකම් බැලුවාම. ගැලවිච්ච දත් පවා දාලා දීලා තියෙනවා. දැන් ඔහු නහයෙන් කන්නෙ නැතිව කටින් කනවා කියලා තීරණය කරලා තියෙනවා, ඉතාම හොඳයි. සහ අර අදාළ මුරපද ලබාදෙන්න."
මනුවර්ණ මහතා මේ බව පැවසුවේ තලාතුඔය කර්චෝබ්‍රිජ් මාර්ගයේ අලුත්වැඩියා කටයුතු නිරීක්ෂණය සඳහා පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මේ පුවත තව අයට බලන්න
සලේට දෙන සැප ගැන ඇහුවම මටත් හිරේ යන්න හිතෙනවා - මනුවර්ණ
2026-07-03T19:50:00+05:30
Gossip Lanka Hot News





