House of Fashions හිමිකරු ප්‍රීති ජයවර්ධන අත්අඩංගුවට.. රිමාන්ඩ්.. රෝහලේ..
හවුස් ඔෆ් ෆැෂන්ස් (House of Fashions) ආයතනයේ හිමිකරු ප්‍රීති ජයවර්ධන මහතා, ශ්‍රී ලංකා රේගුව සිදුකරන විමර්ශනයක් අතරතුර හෘදයාබාධ සම්බන්ධ රෝගී තත්ත්වයකට ලක්වීමෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ශ්‍රී ලංකා රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා පැවසුවේ, රේගු නිලධාරීන් සමඟ සිටියදී ජයවර්ධන මහතා හදිසියේ රෝගාතුර වූ බැවින් ඔහු ජාතික රෝහලට ඇතුළත් කළ බවයි.
ඉන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා රෝහලට පැමිණ සැකකරුගේ තත්ත්වය නිරීක්ෂණය කර, ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළ බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
රේගු දෙපාර්තමේන්තුව පවසන්නේ, මෙම විමර්ශනය ආනයන භාණ්ඩවල රේගු තක්සේරුකරණයට (Customs Valuation) අදාළ කරුණක් සම්බන්ධයෙන් සිදු කෙරෙන බවයි.
House of Fashions owner Preethi Jayawardena has been remanded
House of Fashions හිමිකරු ප්‍රීති ජයවර්ධන අත්අඩංගුවට.. රිමාන්ඩ්.. රෝහලේ..
2026-07-18T16:47:00+05:30
Gossip Lanka Hot News






