gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රුපියල් කෝටි දෙකක මුදලක් පැහැර ගැනීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා අත්අඩංගුවට!

කොල්ලුපිටිය: හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ පුත්‍රයෙකු කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ, චීන ජාතිකයෙකු සතුව තිබූ රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම චීන ජාතිකයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලින් අනතුරුවයි.

පැමිණිලිකරු පවසා ඇත්තේ, සැකකරු විසින් රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් මුදල් මෙලෙස කොල්ලකා ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.

මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka