gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලාල්ටත් ගෙදර යන්න වෙයි.. වහාම ධුරයෙන් ඉවත් කරන ලෙස බලකරමින් සිකුරාදා සිට දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක්!

කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා වහාම එම ධුරයෙන් ඉවත් කරන ලෙස බලකරමින් එළඹෙන සිකුරාදා සිට දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන බව ජාතික ගොවිජන එකමුතුව නිවේදනය කර ඇති බව සඳහන්.

ඒ අනුව එම සංගමයේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එමෙන්ම ගොවිජන සංවර්ධන පනත උල්ලංඝනය කරමින් කුඹුරු ඉඩම් වෙනත් වගාවන් සඳහා යොදා ගැනීමට අමාත්‍යවරයා කටයුතු කරන බවට තෙන්නකෝන් මහතා මෙහිදී චෝදනා කර තිබෙනවා.

එසේම ඔහු පෙන්වා දුන්නේ පවතින නීති රීති සහ චක්‍රලේඛ අනුව කුඹුරු ඉඩම් ගොඩකිරීම හෝ වෙනත් කාර්යයන් සඳහා යොදා ගැනීම තහනම් වුවද, අමාත්‍යවරයා බඩඉරිඟු බීජ ගෙන්වන මහා පරිමාණ සමාගම්වල කොන්ත්‍රාත්තුවක් ඉටු කරමින් සිටින බවයි.

එමෙන්ම අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළ සභාපතිවරයා, ඔහු ගොවි ජනතාවගේ ප්‍රශ්න හඳුනා නොගෙන වගකීම් විරහිත ආකාරයට කටයුතු කරන බවත්, මාධ්‍ය ඉදිරියේ අසත්‍ය ප්‍රකාශ සිදුකරන බවත් සඳහන් කළේ,

"ලාල් කාන්ත මහතා කෘෂිකර්ම අමාත්‍ය ධුරයෙන් ඉවත් වන තුරු හෝ රජය ඔහුව ඉවත් කරන තුරු අපි ලබන සිකුරාදා සිට අලුත් වටයකින් සටන ආරම්භ කරනවා. ගොවි ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි මේ අරගලය අත්හරින්නේ නැහැ," යනුවෙන් වැඩිදුරටත් අවධාරණය ක‍රමින්.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka