gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

එස්.බී ගේ සහෝදරයා, ජයලත් බණ්ඩාර අත්අඩංගුවට!

හිටපු අමාත්‍ය එස්.බී.දිසානායක මහතාගේ සහෝදරයා වන හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර දිසානායක මහතා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ඒ මුදල් වංචාවක් සම්බන්ධයෙනි.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වෙත, සුරාබදු බලපත්‍රයක් ලබාදෙන බවට සඳහන් කර වීරකැටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් 2,7500,000/= මුදලක් වංචාකිරීම සම්බන්ධව ලද පැමිණිල්ලක් මත එම කොට්ඨාසයේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

ඒ අනුව අදාළ විමර්ශන නිලධාරින් සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (14) දින උදෑසන හඟුරන්කෙත ප්‍රදේශයේදී ජයලත් බණ්ඩාර දිසානායක මහතාව අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

ඔහුව අද (15) දින නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

එසේම මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය මඟින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka