gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල් – ගෝඨා සමඟ වැඩකර අනුරගේ උපදේශකද වන දුමින්ද හුලංගමුව : ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති ලෙස කෙරේ!

ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික හා මූල්‍ය උපදේශක දුමින්ද හුලංගමුව , ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) නව සභාපතිවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නිල වශයෙන් පත් කර තිබේ.

ඊට අදාළ පත්වීම් ලිපිය ඊයේ (30) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් දුමින්ද හුලංගමුව ඇතුළු නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වෙත නිල වශයෙන් භාර දෙන ලදී.

රටට විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම, ව්‍යාපාරික පරිසරය සරල කිරීම සහ එය ඩිජිටල්කරණය කිරීම සම්බන්ධයෙන් ක්‍රියා කරන මෙරට ඉහළම අධිකාරිය වන්නේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයයි. වත්මන් ජනාධිපතිවරයාගේ ආර්ථික කවුන්සිලයේ මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රධානතම මෙහෙයුම්කරුවෙකු වන හුලංගමුව මහතා, සිය වසර 40ක Ernst & Young (EY) වෘත්තීය ජීවිතයට අද පෙරවරුවේ සමුදෙමින්, එදිනම පස්වරුවේ නව තනතුරේ වැඩ භාරගැනීම මෙරට ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ වේගවත් හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස සැලකේ.

දුමින්ද හුලංගමුවගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සෙසු සාමාජිකයන් ලෙස පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ ප්‍රමුඛ පෙළේ වෘත්තිකයන් සිව්දෙනෙකු පත් කර ඇත.
විෂ් ගෝවින්දසාමි මහතා – (සන්ෂයින් හෝල්ඩිංග්ස් – Sunshine Holdings හිටපු සභාපති)
හර්ෂණී රන්දිලිගම මහත්මිය – (වැලිබල් වන් – Vallibel One සාමාන්‍යාධිකාරී)
මංගල කරුණාරත්න මහතා – (Calcey Group හිමිකරු)
කේ. ඒ. විමලේන්තිරාජා මහතා – (කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්)

දුමින්ද හුලංගමුව 2024 සැප්තැම්බර් 24 දින සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික හා මුදල් උපදේශකවරයෙකු ලෙස පත් කරනු ලැබීය. මීට අමතරව, මෑතකදී ඇතිවූ ‘දිට්වා’ කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ (Rebuilding Sri Lanka) අරමුදලේ කළමනාකරණ කමිටු සාමාජිකයෙකු ලෙසද ඔහු පත් කර තිබේ.

කෙසේ වෙතත්, ඔහුගේ දේශපාලන සහ ආර්ථික උපදේශන භූමිකාව පසුගිය රජයන් කිහිපයක් දක්වාම විහිදී යන්නකි. 2020 – 2022 සමයේදී, රට බංකොලොත් වූ බවට චෝදනා එල්ල වන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව යටතේ පිහිටුවූ ජාතික ආර්ථික සභාවේ 14 දෙනෙකුගෙන් යුත් විශේෂ උපදේශක කමිටුවේ සාමාජිකයෙකු ලෙසද ඔහු කටයුතු කර ඇත. එමෙන්ම, ඉන් අනතුරුව බලයට පත් වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළෙහි නිල නොවන උපදේශකයෙකු ලෙසද ඔහු සමීපව කටයුතු කර තිබීම විශේෂත්වයකි.

මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka