වර්තමාන ජනාධිපති කෙළින් පන්දුවට පහර දෙනවා… ඔහු නොහිටින්න රට මීට වඩා ආගාධයක…! දේවගැති ජෙරම් ප්‍රනාන්දු අනුර සරණ යයි…
ජනාධිපති අනුර දිසානායක ආණ්ඩුවට නොතිබුණි නම් රට මීට වඩා බරපතළ තත්ත්වයකට ඇද වැටීම අනිවාර්ය බව දේවගැති ජෙරම් ප්‍රනාන්දු පියතුමා පවසයි. “ඔබේ ජනාධිපතිවරයා කෙළින් පන්දුවට පහර දෙනවා. එයාගේ බැට් එකට ඔබ කැමති නොවෙන්න පුළුවන්. නමුත් එයා කෙළින් පන්දුවට පහර දෙනවා.
දේශපාලනය ඔබේ ජීවිතයට බලපෑමක් නොකරන්න නම් ඔබ දේශපාලකයන් වෙනුවෙන් යාඥා කරන්න.
වර්තමාන ජනාධිපතිවරයා නොහිටින්නට ශ්‍රී ලංකාව මීට වඩා බරපතළ තත්ත්වයකට ඇද වැටෙන්න තිබුණා.
ඇමරිකාව සහ ඉරානය සටන් කරනවා. ඔබ කොහොමද ඒ් දේශපාලනයට මැදි වෙන්නේ? ඔබ ඊට සම්බන්ධ වෙන්නේ නෑ. අහිංසක විදිහට ගෙදරට වෙලා පොල් සම්බෝලයක් හදනවා.
මට සහතික කරලා කියන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ වර්තමාන ජනාධිපතිවරයා නොවන්නට රට මීට වඩා බරපතළ තැනක තියෙන්න තිබුණා.”
මිරකල් ඩෝම් දෙව් මැදුරේ සිය දේව යාතිකාවක් අතර තම අනුගාමිකයන් අමතමින් දේවගැති ජෙරම් ප්‍රනාන්දු මේ බව කීය.
-emanisa
වර්තමාන ජනාධිපති කෙළින් පන්දුවට පහර දෙනවා… ඔහු නොහිටින්න රට මීට වඩා ආගාධයක…! දේවගැති ජෙරම් ප්‍රනාන්දු අනුර සරණ යයි…
2026-07-18T21:57:00+05:30
Gossip Lanka Hot News






