gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

හිටපු විනිසුරුවරියකට වැඩ වරදී.. ලොකු කේස් එකකට පොලිසිය පසුපස...

ව්‍යාජ ලේඛන සකස් කරමින් විවිධ මූල්‍ය වංචාවල නිරත වූ බව කියන හිටපු විනිසුරුවරියකට එරෙහිව වහාම නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.
විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සහ නීතිඥවරයෙකුගේ සහයෝගය ඇතිව අදාළ විනිසුරුවරිය විසින් මෙම කූට ලේඛනය සකස් කර ඇති බවත්, එමඟින් විවිධ වංචනික ක්‍රියාවන් රැසක් සිදු කර ඇති බවත් එම පැමිණිල්ලේ සඳහන් වේ.

ලෝක බෞද්ධ මහා සම්මේලනයේ ශ්‍රී ලංකා මධ්‍යස්ථානයේ සභාපති සුදත් දේවපුර මහතා විසින් මෙම ලිඛිත පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

ආගමික කටයුතු සංවිධානය කරන මුවාවෙන් මෙම ව්‍යාජ ලේඛනය භාවිත කරමින් මහා පරිමාණ මූල්‍ය වංචා සිදු කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

එසේම, අදාළ ලේඛනය නීතිවිරෝධී අධිකරණ කටයුතු සඳහා ද යොදා ගනිමින් මූල්‍යමය වාසි ලබාගෙන ඇති බව පැමිණිලිකරු පෙන්වා දෙයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් හා විධිමත් විමර්ශනයක් පවත්වා, අදාළ හිටපු විනිසුරුවරිය ඇතුළු පිරිසට එරෙහිව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කොළඹ වංචා විමර්ශන කාර්යාංශයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.
-lankacnews
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka