gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඔස්ට්‍රේලියානු හැකර් සිද්ධිය පාරිපාලනයේ දුර්වලකමක්

ඕස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් ලක්ෂ විසිපහක මුදලක් වංචනිකයන් පිරිසක් අතට පත්වීමේ සිද්ධිය හුදකලා අතපසුවීමක් නොව ආයතන කිහිපයක පාලන ක්‍රියාපටිපාටි සහ මෙහෙයුම්වල අසාර්ථකභාවයේ සමස්ත ප්‍රතිඵලයක් බව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අවසන් වාර්තාවේ සඳහන්වේ.

මෙහිදී සයිබර් අපරාධයකට සම්බන්ධ මුදල් වංචාවක් සිදු වී ඇති බව සහ මහජන මුදල් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ විසිපහක හොරකමක් සිදුවී ඇති බව විමර්ශනවලදී පෙනී යන්නේ යැයිද එම වාර්තාවේ දැක්වේ.

තවද අලුතෙන් පිහිටවන ලද රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ ණය ආපසු ගෙවීමේ කාර්යයන් මෙහෙයවීම සඳහා පූර්ණ නිශ්චිත විමර්ශන කොන්දේසි සහිත ලේඛනයක් නොමැති වීම ක්‍රියාපටිපාටි මෙහෙයුම් හිදැස් තවදුරටත් උග්‍ර කළ ප්‍රධාන පාලන අතපසුවීමක් බවද එහි සඳහන්වේ.

කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතා විසින් එම වාර්තාව අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

(ලංකාදීප)
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka