විනිසුරු විශ්රාම වයස දීර්ඝ කිරීම විනිසුරු සංගමය ඒකමතිකව පරාජයට පත් කරයි..
විනිසුරු විශ්රාම වයස දීර්ඝ කිරීම සඳහා රජය ඉදිරිපත් කළ යෝජනාව අධිකරණ සේවා සංගමයේ (JSA) විශේෂ මහ සභා රැස්වීමේදී අද (11) ඒකමතිකව පරාජයට පත් විය.
කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී පැවැති මෙම තීරණාත්මක රැස්වීමේදී, පැමිණ සිටි විනිසුරුවරුන් සියලු දෙනාම පාහේ රජයේ මෙම උත්සාහයට සිය විරෝධය පළ කර තිබේ.
සාමාජිකයින් කිසිවෙකුත් විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කර නොමැති බවත් වාර්තා විය.
මෙම යෝජනාව සම්බන්ධයෙන් අධිකරණ ක්ෂේත්‍රය තුළ පසුගිය දින කිහිපය පුරා දැඩි නොසන්සුන්තාවයක් පැවති අතර, සංගමයේ සභාපති ප්‍රසන්න අමරසේන මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට ද සිදු විය.
සංගමයේ විධායක කමිටුව සහ ලේකම් සුරංග මුණසිංහ මහතා මෙම යෝජනාව අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල වන බරපතළ තර්ජනයක් ලෙස සලකා ඊට එරෙහිව පෙළගැසී සිටියහ.
මුලින් කොළඹදී පැවැත්වීමට සැලසුම් කර තිබූ මෙම රැස්වීම, ඊට අවසර නොලැබීම හේතුවෙන් අවසන් මොහොතේ කඩුවෙලට මාරු කිරීමට සිදු වූයේ ද මෙවැනි බලපෑම් මධ්‍යයේය.
-lankacnews
විනිසුරු විශ්රාම වයස දීර්ඝ කිරීම විනිසුරු සංගමය ඒකමතිකව පරාජයට පත් කරයි..
2026-07-12T00:12:00+05:30
Gossip Lanka Hot News






