gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

විනිසුරු විශ්‍රාම වයස අර්බුදය උඩු දුවයි: නීතිඥ සංගම් මතය ජනපතිට

ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ තීරණය සම්බන්ධයෙන් නීතිඥ සහ අධිකරණ ක්ෂේත්‍රයේ මතුව ඇති අර්බුදය තවදුරටත් උඩු දුවන ලකුණු පහළ වෙමින් පවතී. ඊට හේතුව ඇත්තේ තවත් නීතිඥ සංගම් සහ බහුජන සංවිධාන එම විරෝධයටතවදුරටත් එක්වෙමින් සිටීම බව අධිකරණ ක්ෂේත්‍ර ආරංචි මාර්ග සඳහන් කළේය.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය පිළිබඳව සිය දැඩි කනස්සල්ල සහ අපේක්ෂාභංගත්වය පළ කරන බව ශ්‍රී ලංකා ඇන්ග්ලිකන් සභාව( CHURCH OF CEYLON ) නිවේදනය කළේය.

කොළඹ රදගුරු දුෂාන්ත රුද්‍රිගු සහ කුරුණෑගල රදගුරු නිශාන්ත ප්‍රනාන්දු යන පියතුමන්ලාගේ අත්සනින් යුතුව ඊයේ මෙම නිවේදනය නිකුත් කෙරිණ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය නීති ප්‍රජාව සහ සිවිල් සමාජය පෙන්වා දී ඇති නීතියේ ආධිපත්‍ය හා අධිකරණයේ ස්වාධීනත්වය බිඳ වැටීමේ බරපතළ අවධානම කෙරෙහි රජය කන්දෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව එම නිවේදනයේ සඳහන් වේ.

මේ තීරණය වහා හකුලා ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට පෙරේදා දැනුම් දුන්නේය.

ඒ අධිකරණ අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකදීය.

ඒ අනුව ඔහු නීතිඥ සංගමයේ මතය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කරන බව අධිකරණ අමාත්‍යවරයා එම සංගමයට පොරොන්දු විය.

අධිකරණ අමාත්‍යවරයා එම දැනුවත් කිරීම අද හෙටම කරනු ඇතැයි දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පවසන්නේ මෙම තීරණය හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට අදාලව ඇති වූ සිදුවීමටත් වඩා බරපතල ගැටලුවක් බවයි.

ආසියානු සංවර්ධන බැංකුව සහ අධිකරණ අමාත්‍යාංශය එක්ව විනිසුරුවන්ගේ ද උපදෙස් ලබා ගනිමින් සකස් කළ වාර්තාවේ කිසිදු ස්ථානයක විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කළ යුතු බවට නිර්දේශ කර නැති බවද ඔහු සඳහන් කළේය.

නිසි අධ්‍යයනයකින් තොරව ගෙනවිත් ඇති මෙම යෝජනාව නීති ක්ෂේත්‍රය තුළ ගැටළු සහගත තත්ත්වයක් නිර්මාණය කර ඇති බව රජීව් අමරසූරිය මහතා කීය.

මෙම යෝජනාවට නීතිඥයන් සියලු දෙනාම විරුද්ධ හෙයින් ආණ්ඩුව ජනමත විචාරණයකට යා යුතු බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර රජයේ මෙම තීරණය සම්බන්ධයෙන් කරුණු දක්වන ජ්‍යෙෂ්ඨ නීතිඥ සාලිය පීරිස් මහතා විනිසුරුවරුන්ගේ සේවා කාලය හෙවත් විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට දැඩි විරුද්ධත්වය ප්‍රකාශ කරන බවයි.

එය අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් බව ඔහු පෙන්වා දුන්නේය.

ඉහළ උසාවි වල නඩු කඩිනම් කිරීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගන්නා බව ප්‍රකාශ කරන නමුත් නඩු තදබදය පවතින්නේ ඉහළ උසාවිවල නොව පහළ උසාවි වල බව පීරිස් මහතා සඳහන් කරයි.

ඉහළ උසාවිවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ගත් කැබිනට් තීරණය සම්බන්ධයෙන් එන සතියේ පාර්ලිමේන්තුවේදී දැඩි ලෙස හඬ නැගීමට සමග ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ දේශපාලන පක්ෂ තීරණය කර ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කිරීමටද නියමිතය.

මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කර ඇති යෝජනාවලිය සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසුමකදී අදහස් දැක්වූ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් තමා ජනාධිපතිවරයා දැනුවත් කළ බවය.

එම යෝජනාවලිය පිළිබඳව ලබන සඳුදා කැබිනට් මණ්ඩලය දැනුවත් කරන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
(සුජිත් හේවාජුලිගේ)
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka