විශ්‍රාම වයස නැංවීම විනිසුරුවරුන්ට අල්ලස් දීමක්… විධායකය අධිකරණයට ඇඟිලි ගැසීමක්… ජේසුතුමා මැරුවෙත් විධායකය නඩු අහලා..! – නුවන් බෝපගේ…
විධායකය, අධිකරණයට ඇඟිලි ගැසීම් නොකළ යුතු බවට සංකල්ප ගොඩනැඟුණේ ඉතිහාසයේ සිදුවූ ඓතිහාසික වැරදි මත බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නීතිඥ නුවන් බෝපගේ පවසයි. නිර්දෝෂී ජේසුස් වහන්සේට මරණ දඬුවම හිමි වූයේ සීසර් අධිරාජ්‍යයාගේ පිලාත් නම් ආණ්ඩුකාරයා එනම් විධායකය නඩු ඇසීමේ ප්‍රතිඵලයක් ලෙස බවද ඔහු ප්‍රකාශ කරයි.
අගවිනිසුරුවරයා විශ්‍රාම යෑමට මාස කිහිපයක් තිබියදී කඩිමුඩියේ මෙම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ මානසික අල්ලස් දීමට බවත් එමගින් අධිකරණයේ ස්වාධීනත්වය අභියෝගයට ලක්වන බවත් නුවන් බෝපගේ අවධාරණය කරයි.
උපරිමාධිකරණවල විනිසුරු විශ්‍රාම වයස නැංවීම සහ නඩු ඇසීම වේගවත් කිරීම අතර කිසිදු අන්තර් සම්බන්ධයක් නොමැති බවද මෙම තීන්දුව පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියෙහි ශ්‍රේෂ්ඨාධීකරණයේදී අභියෝගයට ලක්කිරීමට සූදානම් බවද ඔහු ප්‍රකාශ කරයි.
සිරස නාලිකාවේ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනට එකතු වෙමින් නුවන් බෝපගේ මේ බව කීය.
විශ්‍රාම වයස නැංවීම විනිසුරුවරුන්ට අල්ලස් දීමක්… විධායකය අධිකරණයට ඇඟිලි ගැසීමක්… ජේසුතුමා මැරුවෙත් විධායකය නඩු අහලා..! – නුවන් බෝපගේ…
2026-07-30T20:53:00+05:30
Gossip Lanka Hot News





