නව යොවුන් තරුණ පිරිස් අතර එච්අයිවී සහ ලිංගික රෝග ඉහළ යාමේ ප්‍රවණතාවක් – සෞඛ්‍ය ඇමති හෙළි කරයි!
පෙර වසරවලට සාපේක්ෂව නව යොවුන් වියේ පසුවන තරුණ තරුණියන් අතර එච්අයිවී (HIV) සහ ලිංගිකව බෝවන රෝග (STD) වැළඳීමේ යම් වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (01) පැවැති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමිනි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාළ විශේෂිත ඒකකය විසින් සිදු කරන ලද දීර්ඝ සාකච්ඡා හා නිරීක්ෂණවලින් අනතුරුව, පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් ද මේ වන විට ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබේ. බොහෝ පිරිසක් මෙම තත්ත්වයට ගොදුරු වී ඇත්තේ ලිංගික සෞඛ්‍යය පිළිබඳ පවතින නොදැනුවත්කම හේතුවෙන් බව ද මෙහිදී අනාවරණය වී ඇත.
මෙම අවදානම් සහගත ප්‍රවණතාව වළක්වා ගැනීම සඳහා රජය වහාම මැදිහත් වී ඇති බව පැවසූ අමාත්‍යවරයා, ඒ වෙනුවෙන් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරිය වන අග්‍රාමාත්‍යවරිය මෙන්ම ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍යවරිය සහ එම අමාත්‍යාංශවල නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බව ද සඳහන් කළේය.
මෙය වහා අවධානයට ගත යුතු බරපතළ තත්ත්වයක් බැවින්, රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සහ තරුණ පරපුර දැනුවත් කිරීම වෙනුවෙන් සෙසු අදාළ රාජ්‍ය ආයතනවල ද සෘජු දායකත්වය ලබා ගනිමින් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු යොදමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
නව යොවුන් තරුණ පිරිස් අතර එච්අයිවී සහ ලිංගික රෝග ඉහළ යාමේ ප්‍රවණතාවක් – සෞඛ්‍ය ඇමති හෙළි කරයි!
2026-07-01T22:05:00+05:30
Gossip Lanka Hot News





