gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉදිරි සති කිහිපය තුළ පාර්ලිමේන්තුවෙන් ඉවත්වන බව අර්චුනා කියයි

තමන් තවත් සති දෙකක් හෝ තුනක් ඇතුළත පාර්ලිමේන්තුවෙන් ඉවත් වීමට ඉඩ ඇති බව යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. “මම තවත් වැඩි කාලයක් මේ පාර්ලිමේන්තුවේ සිටින්නේ නැහැ. මම ඔබට වැඩි කාලයක් කරදර කරන්නේ නැහැ” යැයි මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමකදී මහජන ගැටලු ඉදිරිපත් කිරීමෙන් පසු තමන්ට තර්ජන එල්ල වූ බවට මන්ත්‍රීවරයා චෝදනා කළේය.

උතුරු පළාතේ සිදුවූ බව කියන දූෂණ සම්බන්ධයෙන් සාක්ෂි සහ පැමිණිලි කිහිපයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට මෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායකට සහ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සට භාරදුන්නද, ඒ සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් ආරම්භ කර නොමැති බවද ඔහු පැවසීය.

එමෙන්ම යාපනය ශික්ෂණ රෝහලේ ඖෂධ ගබඩාවේ ඇති වූ ගින්න සම්බන්ධයෙන්ද නිසි පරීක්ෂණයක් සිදුකර නොමැති බවත්, ඒ පිළිබඳව හඬනැගීම නිසා තමන්ට තර්ජන සහ නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට සිදු වූ බවත් ඔහු සඳහන් කළේය.

තමන් පාර්ලිමේන්තුවෙන් ඉවත්කිරීමට නීතිමය ක්‍රියාමාර්ග ගැනීම හේතුවෙන් උතුරේ ස්වාධීන නියෝජිතයන් ඉලක්ක කරගනිමින් කටයුතු කරන බවට දෙමළ ජනතාව තුළ මතයක් ගොඩනැගී ඇති බව පැවසූ මන්ත්‍රීවරයා, මෙම ගැටලුවලට විසඳුම් ලබා දී ස්වාධීන නියෝජිතයන්ට සාධාරණව සැලකීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka