gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

විනිසුරු වයස් නැංවීමට කැමති නීති වෘත්තිකයන් 3%යි… ඒ පෞද්ගලික ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන්…! – නීතිඥ රජිව් අමරසූරිය…

විනිසුරු විශ්‍රාම වයස ඉහළ නැංවීමේ ව්‍යවස්ථා සංශෝධනයට නීති වෘත්තිකයන් 97%ක් විරුද්ධ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, ජනාධිපති නීතිඥ රජිව් අමරසූරිය පවසයි.

“සියලු දෙනාටම ඉතාමත් ගෞරවයෙන් යුතුව මම මෙය ප්‍රකාශ කරමි. මාගේ අදහසට අනුව තම වෘත්තීය ගෞරවය, ස්වාධීනත්වය සහ ව්‍යවස්ථාමය වගකීම් සැබෑ ලෙසම අගය කරන කිසිදු නීතිඥවරයෙකුට හෝ නීතිඥවරියකට මෙම රජයේ යෝජනාවට සහාය දැක්විය නොහැක.

එසේ සහාය දක්වන්නේ නම්, එය නීතිමය හෝ ව්‍යවස්ථාමය මූලධර්ම මත නොව, දේශපාලන මතවාදයක් හෝ යම් පෞද්ගලික ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් පමණක් වනු ඇත.

අපගේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අඛණ්ඩත්වය, අධිකරණයේ ස්වාධීනත්වය සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) මූලධර්මවාදී ස්ථාවරය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය ඕනෑම පියවරක් ගැනීමට අපි කිසිවිටෙකත් පසුබට නොවන්නෙමු.

මගේ ඇස්තමේන්තුව අනුව, නීති වෘත්තියේ 97% කට වඩා වැඩි පිරිසක් සහ සමස්ත විනිශ්චය පද්ධතියේ බොහෝ දුරට සියලුම විනිසුරුවරුන් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට යෝජිත ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව සිටිති.

පසුගිය දින කිහිපය තුළ, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ස්ථාවරයට සහාය පළ කරමින්, අපගේ ශාඛා නීතිඥ සංගම් 93 න් එකකට පසු එකක් ලෙස යෝජනා සම්මත (Resolutions) අප වෙත ලැබෙමින් පවතී.”

ජනාධිපති නීතිඥ රජිව් අමරසූරිය මේ බව ප්‍රකාශ ඇත්තේ සිය facebook ගිණුමෙහි සටහනක් තබමිනි.



gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka