gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඩේසි ආච්චිව නිදහස් කළා නම් මාවත් නිදහස් කරන්න – යෝෂිත රාජපක්ෂ අධිකරණයෙන් ඉල්ලයි

වසර තුනක කාල­ය­කදී විශු­ද්ධි­ක­ර­ණය කළ මුද­ලින් රුපි­යල් කෝටි 08කට අධික මුද­ලක් යොදවා රත්ම­ලාන හා දෙහි­වල ප්‍රදේ­ශ­ව­ලින් ඉඩම් ඇතුළු දේපළ මිලදී ගත් බවට මුදල් විශු­ද්ධි­ක­ර­ණය වැළැ­ක්වීමේ පනත යටතේ නීති­ප­ති­ව­රයා කොළඹ මහා­ධි­ක­ර­ණයේ තමන්ට එරෙ­හිව ගොනු­කර ඇති නඩු­වෙන් තමන් මුදා­හ­රි­න්නැයි ඉල්ලා හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ පුත් යෝෂිත රාජ­පක්ෂ මහතා විසින් අභි­යා­ච­නා­ධි­ක­ර­ණ­යට ප්‍රති­ශෝ­ධන පෙත්ස­මක් ඊයේ (03) ගොනු කළේය.

එම නඩු­වෙන් යෝෂිත රාජ­පක්ෂ මහතා සමඟ චෝදනා ලැබ සිටි ඩේසි ෆොරස්ට් නමැති කාන්තාව මුදා­හැර තිබි­යදී තම සේවා­දා­ය­ක­යාට එරෙ­හිව පම­ණක් මුදල් විශු­ද්ධි­ක­ර­ණය කිරීම යටතේ ‘කුම­න්ත්‍ර­ණය’ නමැති චෝද­නාව පව­ත්වා­ගෙන යන්නේ කෙසේද? යනු­වෙන් ප්‍රශ්න කර­මින් ගොනු­කර ඇති මෙම ප්‍රති­ශෝ­ධන පෙත්සම විභා­ග­යට ගැනී­මට අභි­යා­ච­නා­ධි­ක­ර­ණය අව­සර දුන්නේය.

අභි­යා­ච­නා­ධි­ක­රණ විනි­සු­රු­ව­රුන් වන අමල් රණ­රාජා හා සුමුදු ප්‍රේම­චන්ද්‍ර මහ­ත්ව­රු­න්ගෙන් සම­න්විත විනි­සුරු මඬුල්ල හමුවේ පෙත්සම සලකා බැලිනි. යෝෂිත රාජ­පක්ෂ මහතා විසින් ගොනු කළ මෙම පෙත්සමේ වග­උ­ත්ත­ර­කරු වෙනු­වෙන් නීති­ප­ති­ව­රයා නම් කර ඇත.

පෙත්සම කැඳවූ අව­ස්ථා­වේදී පෙත්ස­ම්කරු වෙනු­වෙන් නීතිඥ හෆිල් ෆාරිස් මහතා කරුණු දක්ව­මින්, 2012 සහ 2015 අතර වසර 03ක කාල­සී­මා­වක් තුළදී රුපි­යල් කෝටි 08කට අධික මුද­ලක් විශු­ද්ධි­ක­ර­ණය කළැයි චෝදනා කර­මින් මුදල් විශු­ද්ධි­ක­ර­ණය වැළැ­ක්වීමේ පනත යටතේ තම සේවා­දා­ය­ක­යාට හා ඩේසි ෆොරස්ට් නමැති කාන්තා­ව­කට එරෙ­හිව නීති­ප­ති­ව­රයා විසින් ‘කුම­න්ත්‍ර­ණය’ කිරීම නමැති වර­දට අදාළ චෝදනා ඉදි­රි­පත් කර තිබුණේ යැයි කීය.

පසු අව­ස්ථා­වක ඉදි­රි­පත්වූ කරුණු මත නීති­ප­ති­ව­ර­යාගේ ද ඉල්ලීම මත ඩේසි ෆොර්ස්ට් නමැ­ත්තිය මහා­ධි­ක­රණ නඩු­වෙන් නිද­හස් කළ බවත්, එම තැනැ­ත්තිය සමඟ එක­ඟ­තා­ව­කින් කුම­න්ත්‍ර­ණය කළ බවට තම සේවා­දා­ය­ක­යාට එරෙ­හිව නඟා තිබූ චෝද­නා­වෙන් ඔහු නිද­හස් කරන ලෙස මහා­ධි­ක­ර­ණ­යෙන් ඉල්ලා ඇත. එම ඉල්ලීම කරනු ලැබුවේ තම සේවා­දා­ය­ක­යාට එරෙ­හිව පම­ණක් ‘කුම­න්ත්‍ර­ණය’ නමැති චෝද­නාව පවරා පව­ත්වා­ගෙන යෑමට නොහැකි හෙයින් බවත් කී නීතිඥ හෆිල් ෆාරිස් මහතා, මේ සම්බ­න්ධ­යෙන් ඉදි­රි­පත් කළ මූලික විරෝ­ධතා මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රයා ප්‍රති­ක්ෂේප කළ බවත් දැනුම් දුන්නේය. විත්ති­කා­රිය නිද­හස් කර තිබි­යදී තම සේවා­දා­ය­ක­යාට එරෙ­හිව පම­ණක් ‘කුම­න්ත්‍ර­ණය’ නමැති චෝද­නාව පව­ත්වා­ගෙන යන්නේ කෙසේද? යනු­වෙන් නීතිඥ හෆිල් ෆාරිස් මහතා ප්‍රශ්න කළ අව­ස්ථා­වේදී මෙවැනි අව­ස්ථා­ව­කදී කළ යුත්තේ කුමක්ද? යනු­වෙන් අභි­යා­ච­නා­ධි­ක­රණ විනි­සුරු අමල් රණ­රාජා මහතා කළ විම­සී­ම­කට පිළි­තුරු දෙමින්, එවැනි අව­ස්ථා­වක අධි චෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනී­මට නීති­ප­ති­ව­රයා කට­යුතු කළ යුතු බවත්, අවශ්‍ය නම් පසු අව­ස්ථා­වක යළිත් චෝදනා පත්‍ර­යක් ගොනු කිරී­මට හැකි­යාව ඇති බවත් නීතිඥ හෆිල් ෆාරිස් මහතා පෙන්වා දුන්නේය.

වග­උ­ත්ත­ර­කාර නීති­ප­ති­ව­රයා වෙනු­වෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් ජනක බණ්ඩාර මහතා කරුණු දක්ව­මින්, මහා­ධි­ක­රණ නඩුවේ මෙම විත්ති­කා­රි­යක වශ­යෙන් නම්කර සිටි ඩේසි ෆොරස්ට් නමැ­ත්ති­යට නඩු විභා­ග­ය­කට මුහුණ දීමට සුදුසු මාන­සික තත්ත්ව­යක් නොමැති බවට වසර 10කට පෙර නුගේ­ගොඩ දිසා අධි­ක­ර­ණ­යෙන් තීන්දු­වක් දී ඇතැයි පැව­සීය. ඒ බව මහා­ධි­ක­රණ නඩු­වේදී පෙන්වා දීමෙන් අන­තු­රුව විත්ති­කා­රි­යගේ මාන­සික තත්ත්වය පිළි­බඳ මාන­සික වෛද්‍ය පරී­ක්ෂ­ණ­ය­කට යොමු කළ බවත්, එම පරී­ක්‍ෂ­ණ­යේදී නඩු විභා­ග­ය­කට මුහුණ දීමට සුදුසු මාන­සික තත්ත්ව­යක් ඇයට නොමැති බවට වෛද්‍ය වාර්තා­වක් ඉදි­රි­පත් වූ බවත් කී නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් ජනක බණ්ඩාර මහතා, එම වෛද්‍ය වාර්තාව පද­නම් කර­ගෙන අදාළ නඩු­වෙන් විත්ති­කා­රිය නිද­හස් කිරී­මට අධි­ක­ර­ණය නියම කළ බවත් පැව­සීය.

අභි­යා­ච­නා­ධි­ක­රණ විනි­සුරු අමල් රණ­රාජා මහතා ඒ අව­ස්ථා­වේදී අධි­ක­ර­ණය අම­ත­මින් ඩේසි ෆොරස්ට් නමැති විත්ති­කා­රිය මහා­ධි­ක­රණ නඩු­වෙන් නිද­හස් කර ඇත්තේ තාක්ෂ­ණික කරු­ණක් මත බවත්, ඒ බව මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රයා සිය නියෝ­ගය සඳ­හන් කර ඇති බවත් පෙන්වා දුන්නේය.

නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් ජනක බණ්ඩාර මහතා කරුණු දක්ව­මින් මහා­ධි­ක­රණ නඩු­වෙන් ඩේසි ෆොරස්ට් නමැති විත්ති­කා­රිය නිද­හස් කර ඇත්තේ වෛද්‍ය­මය හේතුන් මත බවත්, විත්ති­කා­රිය නිද­හස් කළ කරුණ පද­නම් කර­ගෙන මහා­ධි­ක­රණ නඩුවේ පළමු විත්ති­ක­රුට එරෙහි චෝදනා පවරා පව­ත්වා­ගෙන යෑමට කිසිදු බාධා­වක් මතු නොවන බවත් පෙන්වා දුන්නේය.

දෙපා­ර්ශ්වයේ කරුණු සලකා බැලී­මෙන් අන­තු­රුව මෙම ප්‍රති­ශෝ­ධන පෙත්සම පිළි­බඳ විභා­ගය ජුනි 16 වැනිදා පැවැ­ත්වී­මට විනි­සුරු මඬුල්ල තීර­ණය කළේය. පෙත්සම සම්බ­න්ධ­යෙන් විරෝ­ධතා ඇතොත් ජුනි 08 වැනි­දාට පෙර ගොනු කිරී­මට වග­උ­ත්ත­ර­කාර පාර්ශ්ව­ය­ටද ප්‍රති විරෝ­ධතා ඇතොත් ජුනි 11 වැනි­දාට පෙර ගොනු කිරී­මට පෙත්ස­ම්කාර පාර්ශ්ව­ය­ටද නියම කළේය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka