රඛිතගේ පියා විජේදාස රාජපක්ෂත් මේ ගණුදෙනුවට ඩුබායි ගොස් ඇති බව වාර්තා වනවා – අල්ලස් කොමිසම අධිකරණයට කියයි
හරක් කටා නොහොත් නඳුන් චින්තකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ දී ඔහුට වාසිදායක ලෙස එය සිදු කිරීම සදහා රුපියල් ලක්ෂ 1200 ක අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ යන අය අත්අඩංගුවට ගනු ලැබී ය.
පසුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, ඔවුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවී ය.
එහිදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි, එහි සහකාර අධ්‍යක්ෂ, නීතීඥ අනූෂා සම්බන්ධපෙරුම අධිකරණය හමුවේ පවසා සිටියේ, මෙම නඩුවේ දෙවන සැකකරු වන රඛිත රාජපක්ෂගේ පියා වන විජේදාස රාජපක්ෂ සම්බන්ධයෙන් ද විමර්ශන සිදුවන බවයි.
ඔහු ද (විජේදාස රාජපක්ෂ) මෙම ගනුදෙනුවට අදාලව ඩුබායි රාජ්‍ය බලා ගොස් ඇති බවට වාර්තා වන බව නීතීඥ අනුෂා සම්බන්ධපෙරුම අධිකරණය හමුවේ අනාවරණය කළේ ය.
මේ පුවත තව අයට බලන්න
රඛිතගේ පියා විජේදාස රාජපක්ෂත් මේ ගණුදෙනුවට ඩුබායි ගොස් ඇති බව වාර්තා වනවා – අල්ලස් කොමිසම අධිකරණයට කියයි
2026-06-26T13:35:00+05:30
Gossip Lanka Hot News





