gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පුතා FCID කැදෙවුවාම පියා විජයමුණි එයි... හරවා යවයි

ඔස්ට්‍රේලියාවෙන් කිරි ගවයන් මෙරටට ගෙන්වීමේ ව්‍යාපෘතියකදී සිදු වූ බව කියන ඇමෙරිකානු ඩොලර් මිලියන 110ක මූල්‍ය අවභාවිතයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට පැමිණි හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතාව ආපසු හරවා යැවීමට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (15) කටයුතු කළේය.

මූල්‍ය අපරාධ විමර්ශන කාර්යාංශයට අනුව මෙම මූල්‍ය අක්‍රමිකතාව සිදුව ඇත්තේ 2012 සහ 2017 යන වසරවල් අතර කාලසීමාව තුළදීය.

මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ඉකුත් පෙබරවාරි 17 වැනිදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් හිටපු අමාත්‍යවරයාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබිණි. ඔහු 2015 සිට 2018 දක්වා කාලයේදී වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇත.

විමර්ශනවලදී අනාවරණය වූ නව තොරතුරුවලට අනුව හිටපු ඇමැතිවරයාගේ පුත්‍රයාව ඊයේ (15) දින FCIDය හමුවට කැඳවා තිබුණේ ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහාය. එහෙත් පුතා වෙනුවට තමාගෙන් ප්‍රකාශය ලබාගන්නා ලෙස පවසමින් හිටපු ඇමැතිවරයා පැමිණි නිසා, විමර්ශන නිලධාරීන් ඔහුව හරවා යැවීමට පියවර ගෙන ඇත. ඉදිරි දිනයකදී ඔහුගේ පුත්‍රයාව නැවත කැඳවීමට නියමිතය.

මෙම මූල්‍ය අක්‍රමිකතාව සිදුවන සමයේ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය ධුරය දැරූ පී. හැරිසන් මහතාගෙන්ද මීට පෙර දිනකදී ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

එකල අදාළ අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස කටයුතු කළ රේණුකා ඒකනායක මහත්මියගෙන්ද මේ පිළිබඳව ප්‍රශ්න කර ඇත.

එම අවස්ථාව වන විට ඇය ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකාවක ලෙස කටයුතු කරමින් සිටි අතර, මෙම පරීක්ෂණත් සමඟ ඇය එම තනතුරෙන් ඉල්ලා අස්වීමට කටයුතු කර තිබේ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka