මගේ ගෙවල් තියෙන තැන ඔයාලට කියන්නේ මොකටද? ප්‍රශ්නයක් තියෙනවා නම් නීති පියවර ගන්න! - ගෙවල් ගැන ඇහුවාට ලාල් සර්ට ඩෝං යයි
තමන් අනුරාධපුරයේ සිට ආවාද, කොහේ සිට ආවාද යන්න පිළිබඳව ප්‍රශ්න කිරීමට කිසිවෙකුට අයිතියක් නැති බව අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළේය.
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකින් අනතුරුව, මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී ලාල් කාන්ත අමාත්‍යවරයාගේ නිවාස සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කිරීමේදී හෙතෙම සඳහන් කර සිටියේ “මගේ නිවාස තියෙන තැන තිබිච්චාවේ. කාටහරි ප්‍රශ්නයක් තියෙනවා නම් නීතිමය පියවර ගන්න” කියාය.
“මගේ ගෙවල් කොහේද තියෙන්නේ කියලා ඔයාලට කියන්න ඕන නෑනේ මම. කාටවත් කියන්න අවශ්‍ය නෑ ” යැයිද ඒ මහතා සඳහන් කළේය .
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ලාල්කාන්ත මෙසේ ද පැවසීය:
“ඊනියා ප්‍රභූ පාලකයන් යැයි කියා ගන්නා පිරිසක් මේ රටේ බලයේ සිටියදී ජනතාවගේ මුදල් ගසා කමින්, වංචා දූෂණ කරමින් කෝටි ප්‍රකෝටි ගණන් හම්බ කරගත්තා. දැන් ඔවුන්ට බලයත් නැහැ, වරප්‍රසාදත් නැහැ. අඩුම තරමේ ජනතාවගේ මුදලින් ලබාගත් විශ්‍රාම වැටුප් පවා නැහැ. යන වාහන නැහැ, මන්දිර නැහැ. එහෙම වුණාම ඒ අය කලබල වෙනවා.
“මට කොහෙද මාලිගාවල් තියෙන්නේ? මේ සේරම ප්‍රශ්න දාන්නේ ජනතාවගේ මුදල් ගසා කාලා චෝදනාවලට ලක්වූ අයයි. අපි ඕවට කලබල වෙන්නේ නැහැ. මම අනුරාධපුරෙන් ආවද, කොහෙන් ආවද කියන එක කිසිවෙකුත් ප්‍රශ්නයක් හෝ ගැටලුවක් කරගත යුතු නැහැ.”
මේ පුවත තව අයට බලන්න
මගේ ගෙවල් තියෙන තැන ඔයාලට කියන්නේ මොකටද? ප්‍රශ්නයක් තියෙනවා නම් නීති පියවර ගන්න! - ගෙවල් ගැන ඇහුවාට ලාල් සර්ට ඩෝං යයි
2026-06-18T07:02:00+05:30
Gossip Lanka Hot News





