gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සුරේෂ් සලේ ලැප්ටොප් හා දුරකතනය හමුදාපතිට බාර දීලා!

හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සිය යුද හමුදා සේවා කාලය අවසන් කර විශ්‍රාම ගන්නා අවස්ථාවේදී, තමන් භාරයේ තිබූ ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකතන ඇතුළු සියලුම රාජකාරි භාණ්ඩ යුද හමුදාපතිවරයා වෙත නිසි පරිදි භාර දී ඇති බව ඔහුගේ නීතීඥ සංජීව වීරවික‍්‍රම මහතා පවසයි.

නීතීඥවරයා අවධාරණය කරන්නේ මීට වසර තුනකට පෙර සුරේෂ් සලේ මහතා යුද හමුදාවෙන් ඉවත් වන විට, ඔහු භාවිතා කළ නිල ඇඳුම්, අත්සටහන් පොත්, නිල වාර්තා, ආරක්ෂාව සඳහා ලබා දී තිබූ ගිනි අවි සහ වාහන මෙන්ම සියලුම ඩිජිටල් උපකරණ හමුදාපතිවරයා වෙත බාර දී ඇති බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම්, යුද හමුදාපතිවරයා කැඳවා එම භාණ්ඩ නිසි පරිදි භාර දී තිබේද යන්න විමසා බැලිය හැකි බව නීතීඥ වීරවික‍්‍රම මහතා පෙන්වා දෙයි.

දැනට සිදු කෙරෙන කිසිදු විමර්ශනයකට අදාළ වන උපකරණයක් මේ වන විට සුරේෂ් සලේ මහතා සන්තකයේ නොමැති බව ඔහු සහතික කරයි.

මේ වන විට සලේ මහතා සතුව පවතින්නේ 2024 වසරේදී මිලදී ගන්නා ලද HP වර්ගයේ ලැප්ටොප් පරිගණකයක් සහ iPhone 12 වර්ගයේ ජංගම දුරකතනයක් පමණක් බවත්, ඒවා මෙම විමර්ශනවලට අදාළ කාල සීමාවෙන් පසුව ලබාගත් ඒවා බවත් නීතීඥවරයා සඳහන් කළේය.

එම උපකරණවල පවතින්නේ සලේ මහතා සහ ඔහුගේ බිරිඳ අතර සිදුවූ පෞද්ගලික සන්නිවේදනයන් සහ දියණියගේ ඡායාරූප වැනි පෞද්ගලික දත්ත බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම පෞද්ගලික උපකරණවල මුරපද ලබා නොදීමට තීරණය කර ඇත්තේ පුද්ගලිකත්වය සහ දත්ත ආරක්ෂා කිරීමේ අයිතිය මත පදනම්ව බව නීතීඥවරයා පවසයි.

කිසිදු අපරාධයකට සම්බන්ධ බව තහවුරු නොකර පුද්ගලයෙකුගේ පෞද්ගලික දත්ත සහ පවුලේ තොරතුරු ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නීතිමය අයිතියක් නොමැති බවත්, එවැනි දත්ත ලබා ගැනීමට නම් මහේස්ත්‍රාත්වරයා හමුවේ කරුණු වාර්තා කර නිසි අවසරයක් ලබා ගත යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.

මුරපද නොමැතිව වුවද විමර්ශන සිදු කිරීමට අවශ්‍ය තාක්ෂණික පහසුකම් ඇති ආයතන පවතින නමුත්, තම සේවාදායකයාගේ පෞද්ගලිකත්වයට හානි වන කිසිදු තොරතුරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා නොදෙන බව නීතීඥ සංජීව වීරවික‍්‍රම මහතා අවධාරණය කළේය. 
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka