චරිත්ට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වා, ගන්න තියෙන ලොකුම පියවර ගන්නවා - සජිත්
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ පිළිබඳව විනය පරීක්ෂණයක් සිදු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඒ අනුව, අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර විසින් අද (25) පාර්ලිමේන්තුවේදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කර තිබෙනවා.
විනය පරීක්ෂණයක් පවත්වා, ගත හැකි ලොකුම පියවර ගන්නා බවත්, සිය පක්ෂය වැරදිකරුවන්ට හෝ අපරාධකරුවන්ට කිසිම අවස්ථාවක් ලබා නොදෙන බවයි එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර ඇත්තේ.
මේ පුවත තව අයට බලන්න
චරිත්ට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වා, ගන්න තියෙන ලොකුම පියවර ගන්නවා - සජිත්
2026-06-25T15:59:00+05:30
Gossip Lanka Hot News





