gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

“එල්-නිනෝ කාලගුණ තත්ත්වය ගැන ජාත්‍යන්තරයටත් කලින් මම අනතුරු ඇඟෙව්වා” - සජිත් ප්‍රේමදාස

'එල් නිනෝ' සහ 'ලා නීනා' වැනි කාලගුණික විපර්යාස පිළිබඳව ජාත්‍යන්තර කාලගුණික සහ දේශගුණික මධ්‍යස්ථාන අනතුරු ඇඟවීමටත් ප්‍රථමයෙන් තමා ඒ සම්බන්ධයෙන් අනතුරු ඇඟවූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා වැසි වනාන්තර භාරය (Rainforest Trust of Sri Lanka) විසින් සංවිධානය කළ වැඩසටහනකට එක්වෙමිනි.

දේශගුණික හා කාලගුණික විපර්යාස ඉලක්ක කරගෙන පාර්ලිමේන්තුවේ ස්ථාපිත කර ඇති මන්ත්‍රී සංසදයේ තමා සහ රජය නියෝජනය කරන මහාචාර්ය අබේවික්‍රම මහතා සම සභාපතිවරුන් ලෙස කටයුතු කරයි. 

මෙම සංසදය හරහා ජාත්‍යන්තර මධ්‍යස්ථානවලට පෙර තමන් මේ පිළිබඳව සාකච්ඡා කළ බව ඔහු සිහිපත් කළේය. ස්වභාවික ඛේදවාචකයක් ඇතිවීමෙන් පසුව විසඳුම් සෙවීමෙන් පලක් නොමැති බවත්, එවැනි තත්ත්වයන් නිර්මාණය වීමට ප්‍රථමයෙන් දැනුවත්ව කටයුතු කිරීමේ වැදගත්කම විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

එම අවස්ථාවේදී ඔහු පාරිසරික සංරක්ෂණය සහ ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද කරුණු දැක්වීය. 

වර්තමානයේ ලොව පුරා කතාබහට ලක්වන මෙම කාලගුණික විපර්යාස හේතුවෙන් ඉදිරියේදී ඛේදවාචක රැසක් නිර්මාණය වීමේ අවදානමක් පවතින බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අනතුරු ඇඟවීය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka