සලේ වෙනුවෙන් වූ සත්‍යග‍්‍රහය අවසන් කරයි
පිටකොටුව දුම්රියපල ඉදිරියේ දින තුනක් පුරා පැවති සත්‍යග‍්‍රහය තාවකාලිකව අවසන් කර ඇත.
රැදවුම් නියෝග මත රදවාගෙන ප‍්‍රශ්ණ කරමින් සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාට මානුෂිකව සලකන ලෙස ඉල්ලමින් මෙම සත්‍යග‍්‍රහය අරඹා තිබුනි.
සලේ රඳවා තබා ගැනීමේදී වධහිංසාවට ලක්ව ඇත්දැයි තීරණය කිරීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අධිකරණ මනෝචිකිත්සකවරුන් පස් දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් පත් කිරීමෙන් පසු මෙම තීරණය ගත් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
විපක්ෂය නියෝජනය කරන දේශපාලන කණ්ඩායම් කිහිපයක මූලිකත්වයෙන් මෙය සංවිධානය කර තිබින.
මේ පුවත තව අයට බලන්න
සලේ වෙනුවෙන් වූ සත්‍යග‍්‍රහය අවසන් කරයි
2026-06-10T15:44:00+05:30
Gossip Lanka Hot News






