gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ සිරකරුවෙකු බලපිටිය අධිකරණයේ පැවති නඩුවකට රැගෙන ගොස් ආපසු රැගෙන ආ අවස්ථාවේදී, ඔහුගේ ගුද මාර්ගයේ සඟවා තිබූ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් මත්ද්‍රව්‍ය ගුලියක් පෙරේදා (03) පස්වරුවේ දී  සොයාගෙන තිබේ.

පසුගිය (02) මෙම සිරකරු  බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු  නැවත  බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය වෙත   රැගෙන ආ අවස්ථාවේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ හදිසි උපක්‍රමික බලකායේ නිලධාරීන් සහ බූස්ස බන්ධනාගාර නිලධාරීන් විසින් සිදුකළ දැඩි පරීක්ෂාවකට ලක් කර ඇත. එහිදී මතු වූ සැකය මත බන්ධනාගාර නිලධාරීන් සිරකරුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කර ඇති අතර, පසුව ඔහුව එදිනම  ගාල්ල කරාපිටිය ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. රෝහලේදී සිදුකළ ස්කෑන් පරීක්ෂණයකදී මෙම උපකරණ සහ මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.

මෙම සිරකරුවා ගාල්ල බන්ධනාගාරයේ ජේලර්වරයකු, සැරයන්වරයකු සහ නියාමකවරයකු ඇතුළු නිලධාරීන් කණ්ඩායමකගේ ආරක්ෂාව යටතේ බලපිටිය අධිකරණය වෙත රැගෙන ගොස් තිබේ. සිරකරු බලපිටිය අධිකරණයේ සිරමැදිරිය තුළ රැඳී සිටි කාලය තුළදී මෙම ස්මාර්ට් ජංගම දුරකථනය, හැන්ඩ්ස් ෆ්‍රී එක සහ අයිස් මත්කුඩු ගුලිය තම ගුද මාර්ගයට ඇතුළු කරගෙන ඇති බවට අනාවරණය වී ඇත.

මෙම සිරකරු පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස බූස්ස බන්ධනාගාර අධිකාරීවරයා විසින් ඔහුව රැගෙන ගිය ගාල්ල බන්ධනාගාර නිලධාරීන්ට කල්තියා දැනුම් දී තිබූ බව ද බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත්, මෙම සිරකරුවා බලපිටිය අධිකරණයේ සිට බූස්ස බන්ධනාගාරය වෙත නැවත රැගෙන විත් ඇත්තේ ඔහුව රැගෙන ගිය මුල් ජේලර්වරයා නොව වෙනත් ජේලර්වරයකු විසින් බව ද වාර්තා වේ. ඉන්පසුව සිරකරුවා බූස්ස බන්ධනාගාරයේ සිට කරාපිටිය ජාතික රෝහල වෙත රැගෙන ගොස් ඇත්තේ ද ගාල්ල බන්ධනාගාරයේ වෙනත් ජේලර්වරයකු ඇතුළු නිලධාරීන් කණ්ඩායමකගේ ආරක්ෂාව යටතේය.

මෙම සිදුවීමට අදාළව, සිරකරුවා රැගෙන ගිය ගාල්ල බන්ධනාගාරයේ නිලධාරීන් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්වීමට නියමිතය. ගුද මාර්ගයේ තිබී සොයාගත් ස්මාර්ට් ජංගම දුරකථනය, හැන්ඩ්ස් ෆ්‍රී එක සහ අයිස් මත්කුඩු ගුලිය ඉදිරි විමර්ශන සඳහා ගාල්ල පොලිසිය වෙත භාර දී ඇත.

රෝහල්ගත කර සිටි විශේෂ ගණයේ සිරකරුවා ප්‍රතිකාර හා පරීක්ෂණ නිම වීමෙන් පසු කරාපිටිය ජාතික රෝහලෙන් මුදා හැර ඇති අතර, ඔහුව නැවත බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka