gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමැති පුත්තු 10ක් පසුපස අල්ලස් කොමිසම පන්නයි - රට පනින එක වළක්වන්න පියවර

අල්ලස් දූෂණ සහ විවිධ අක්‍රමිකතා චෝදනා එල්ල වී ඇති හිටපු ඇමැතිවරුන්ගේ පුත්තු දසදෙනෙකු සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු විමර්ශන අංශ කිහිපයක් පරීක්ෂණ ආරම්භ කර ඇත.

මෙයට අමතරව පාතාලය සමඟ සබඳතා පැවැත්වූ ඇමැතිවරුන්ගේ පුත්තු කිහිප දෙනෙකු සම්බන්ධයෙන්ද විමර්ශන පවත්වන බව උසස් පොලිස් නිලධාරියෙක් ‘ලංකාදීපය’ට පවසා ඇත.

මේ අය විදේශයන්ට පළායෑම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව වාර්තා වේ.

විවිධ දූෂණ චෝදනා සහ පාතාලය සමඟ ගනුදෙනු පැවැත්වීම සම්බන්ධයෙන් හිටපු ඇමැතිවරුන් ඇතුළු දේශපාලනඥයන්ගේ පුත්තු තිදෙනෙක් දැනටමත් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් මෑතදී අත්අඩංගුවට ගැනුණේ හිටපු අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයකු වන රඛිත රාජපක්ෂ ය.

බොහෝමයක් ඇමැති පුත්තු පසුගිය ආණ්ඩු කාලවලදී සිය පියවරුන්ගේ බලය පාවිච්චි කරමින් විවිධ දූෂණ සහ අක්‍රමිකතා කර ඇති බවට විමර්ශනවලදී තොරතුරු අනාවරණයවී ඇත.

සමහර සිද්ධීන් වලට හිටපු ඇමැති පියවරුන් සෘජුවම උදවි කර ඇති බවටද තොරතුරු අනාවරණයවී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. මේ අනුව එම හිටපු ඇමැතිවරුන්ගෙන්ද ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතය.

මේ අය සම්බන්ධයෙන් තවදුරටත් සාක්ෂි ඒකරාශි කර ගැනීමෙන් පසු අත්අඩංගුවට ගැනීම් කරන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.

සමහර ඇමැති පුත්තු විවිධ දූෂණ සහ අක්‍රමිකතා කර ඇතැයි පැවසෙන්නේ සිය පියවරුන් වූ හිටපු ඇමැතිවරුන්ගේ අනුග්‍රහයෙන් විවිධ තනතුරු ලබාගෙන කටයුතු කරමින් සිටි කාලවලදී බව පැවසේ.

මීට අමතරව විවිධ දූෂණ චෝදනා එල්ල වී ඇති හිටපු ඇමැතිවරුන්ගේ ඥාතීන් පිරිසක් සම්බන්ධයෙන්ද විමර්ශන ආරම්භ කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka