ජනාධිපති කාර්යාලයේ ඉහලම ලොක්කෙක් අත්අඩංගුවට ගනී!
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය මගින් සිදු කරගෙන යනු ලබන විමර්ශනයකට අදාලව සංවිධානාත්මක අපරාධකරුවෙකු හට මෙරටින් පලා යෑම සඳහා වෙනත් පුද්ගලයෙකුගේ නමකින් ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් කූඨ ලෙස සකස් කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු 26 දින සවස එම කාර්‌යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 41 ක් වන පාර්ලිමේන්තු හා අමාත්‍ය මණ්ඩල අංශයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් වරයෙකු වන මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු මීට පෙර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදේශ දූත මණ්ඩල අංශයේ නියෝජ්‍ය පාලකවරයා වශයෙන් සේවය කරන ලද කාලය තුල මෙම අපරාධය සිදු කර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
අපරාධ, රථවාහන, ළමා හා කාන්තා අපයෝජන නිවාරණ විර්මශන දිසාව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, මධ්‍යම අපරාධ විර්මශන කාර්‌යාංශ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු සහ මධ්‍යම අපරාධ විමර්ශන කාර්‌යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් ආරියවංශ යන මහත්වරුන්ගේ අධීක්ෂණය හා විමර්ශනයක ප්‍රථිපලයක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
මධ්‍යම අපරාධ විර්මශන කාර්‌යංශය විසින් වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.
මේ පුවත තව අයට බලන්න
ජනාධිපති කාර්යාලයේ ඉහලම ලොක්කෙක් අත්අඩංගුවට ගනී!
2026-06-27T10:14:00+05:30
Gossip Lanka Hot News





