gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නලින්ද ඇමතිතුමා අයෙ නඩු දිනය ලංවෙලා මට මතක් කරන්න... මේ දවස්වල රැස්වීම් වැඩියි - නාමල්

නඩුව දිනේ ලංවෙලා ආපහු මට දිනේ මතක් කරන්න නලින්ද ඇමතිතුමා මොකද මට රැස්වීම් වලට ආරාධනා වැඩියැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කලේ අද දින කොලඹදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මෙහිදී මාධ්‍යවේදියා විමසා සිටියේ නලින්ද ජයතිස්ස මහතා විසින් නාමල් රාජපක්ෂ මහතාට ගමින් ගමට ගියත් නඩු දිනයට පැමිණෙන ලෙසට පවසා ඇති බවයි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා

“මම මගේ නඩු දවස ගැන පොතේ ලියාගෙන තියෙන්නේ. මම මතක තියාගන්නම් ගරු නලින්ද ජයතිස්ස ඇමතිවරයා මට නඩු දිනේ මතක් කරලා දුන්නා කියලා. ඉතින් මම එතුමාගෙන් ඉල්ලීමක් කරනවා, නඩු දිනය තියෙන්නේ ලබන මාසේ 7 වෙනිදා. ඊට පෙරත් මට  මතක් කිරීමක් කරොත් හොඳයි.

මොකද මේ දවස්වල රැස්වීම්වලට, බොහොමයකට එන්න කියන හින්දා වැඩ වැඩියි අමතක වුනොත්. ඉතින් මම සතුටු වෙනවා නලින්ද ජයතිස්ස ගරු ඇමතිවරයෙක් විදිහට මට ඒක මතක් කිරීම පිළිබඳව.

මම ඒ වගේම එතුමාටත් ආරාධනා කරනවා, 159 දෙනාටම ආරාධනා කරනවා එදාට උසාවියට ඇවිල්ලා සාක්ෂි විමර්ශනය කිරීම පිළිබඳව, සාක්ෂි විමසීම් පිළිබඳව අවධානය යොමු කරන්න, තැන් තැන්වල කියවන්නේ නැතුව. එතකොට එතුමන්ලාටම දැනගන්න පුළුවන් එතුමන්ලාගේ පොලීසිය හැසිරිච්ච ආකාරය පිළිබඳව”
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka