gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සලේ තොරතුරු හංගන් හිටියට තේරුමක් නෑ... හොඳම දේ, දන්නා සියල්ල හෙළි කිරීමයි – ඇමති නලින්ද

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේට කළ හැකි නිවැරදිම දෙය වන්නේ තමන් සතු සියලු තොරතුරු හෙළි කරමින් පාස්කු ප්‍රහාරයේ විමර්ශන වලට සහාය වීම බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

හිටපු බුද්ධි නිලධාරියෙකු සහ හමුදා නිලධාරියෙකු ලෙස සුරේෂ්⁣ සලේ දන්නා සියලුම තොරතුරු සඟවාගෙන සිටීමෙන් කිසිදු පලක් නොවන බවද කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

ඊයේ (16) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ,

“කොහොම වුණත් බුද්ධි නිලධාරියෙක් හැටියට හා හමුදා නිලධාරියෙකු හැටියට සුරේෂ් සලේ මහතාට කළ හැකි හොඳම දේ තමයි පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු දන්නා දේවල් ප්‍රකාශයට පත්කිරීම. ආරක්ෂක අංශවලට සහාය ලබාදීම. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහෙම නැතුව අපරාධ පරීක්ෂකයා මාරු කිරීම සඳහා අරගල කිරීම නොවෙයි. තමන්ගේ ලැප් එකේ හෝ ෆෝන් එකේ හෝ තිබෙන තොරතුරු ලබාදෙන්න. ඒක හංගන් හිටියට තේරුමක් නෑ.”

“මහජන ආරක්ෂක අමාත්‍යතුමා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කළා සුරේෂ් සලේ මහතා විසින් සමහර වෛද්‍ය ප්‍රථිකාර අවශ්‍ය බව පැවසු විගස ප්‍රමාදයකින් තොරව ලබාදී තිබෙනවා කියලා. රෝහලේදී ඥාතීන්ට බලන්න අවසර දිලා තියෙන්නේ. ආහාර ලබා දෙන්නේ ඥාතීන් විසින්. එයා ඉල්ලා හැමදේම ලබා දෙමින් ඉන්නවා.”

“ඔහු වෙනුවෙන් විශේෂ කාමරයක් හඳලා නෑ. මීට පෙර කට්ටිය රඳවාගෙන සිටිය විදියටමයි එයාවත් රඳවාගෙන සිටින්නේ. මීට පෙර සිටි අය එහෙම කම්ප්ලේන් කළා කියලා දැනුම්වත් වීමක් නෑ. සලේ මහත්තයා වෙනුවෙන් වෙනම සිර කුටියක් අපි හදලා නෑ. සමාන්‍ය ක්‍රමයටමයි ඇතුළත් කරලා තියෙන්නේ.

කලින් ආණ්ඩුවලත් රැඳවුම් නියෝග මත සිරකරුවෝ හිටපු විදියටම තමා ඔහු ඉන්නේ. ඔහුට අවශ්‍යකරණ පෝෂණය දෙනවා. සෞඛ්‍ය අංශත් ආරක්ෂක අංශත් ඒ ගැන දැඩිව අවදානයෙන් ඉන්නවා.”
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka