බෝම්බ හෙලන දැවැන්ත B2 ඇමරිකානු යානාවක් කඩා වැටේ... සියළු දෙනා මරුට!
දකුණු කැලිෆෝනියාවේ එඩ්වර්ඩ්ස් ගුවන් හමුදා කඳවුරෙන් ගුවන්ගත වූ වහාම ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් B-52 බෝම්බ හෙලන යානයක් කඩා වැටීමෙන් එහි ගමන් ගත් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම අනතුර සිදුව ඇත්තේ යානය සාමාන්‍ය පරීක්ෂණ මෙහෙයුමක නිරතව සිටියදීය. යානය කඩා වැටීමත් සමඟ විශාල කළු දුම් පටලයක් අහසට නැඟී ඇති අතර, එය සැතපුම් ගණනාවක් ඈතට දර්ශනය වී ඇති බව වාර්තා වේ.
"අද දින එඩ්වර්ඩ්ස් ගුවන් හමුදා කඳවුර දරුණු ඛේදවාචකයකට මුහුණ දුන්නා. අපට ශ්‍රේෂ්ඨ ඇමෙරිකානුවන් අට දෙනෙකු අහිමි වුණා," යැයි කර්නල් ජේම්ස් හේස් මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.
මියගිය පිරිස මිලිටරි නිලධාරීන්, රජයේ සිවිල් සේවකයින් සහ රජයේ කොන්ත්‍රාත්කරුවන්ගෙන් සමන්විත "මිශ්‍ර කාර්ය මණ්ඩලයක්" බව ද ඔහු සඳහන් කළේය.
මේ පුවත තව අයට බලන්න
බෝම්බ හෙලන දැවැන්ත B2 ඇමරිකානු යානාවක් කඩා වැටේ... සියළු දෙනා මරුට!
2026-06-16T08:34:00+05:30
Gossip Lanka Hot News





