gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

දෝෂ ඇතිවීම නිසා ඉන්දියානු Meril Life හෘද ස්ටෙන්ට් 3ක් භාවිතයෙන් ඉවතට!

දෝෂ සහිත බවට හඳුනාගෙන ඇති ඖෂධ ආලේපිත හෘද කොරෝනරි ස්ටෙන්ට් (Drug Eluting Coronary Stants) වර්ග තුනක් වහාම භාවිතයෙන් ඉවත් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) සියලුම රජයේ හා පෞද්ගලික සෞඛ්‍ය ආයතන වෙත උපදෙස් ලබාදී ඇතැයි වාර්තා වේ.

ඉන්දියාවේ Meril Life Sciences නමැති පුද්ගලික ආයතනයක් විසින් නිෂ්පාදනය කර මෙරටට ගෙන්වා හෘද කොරෝනරි ස්ටෙන්ට් නිෂ්පාදන කිහිපයක ගුණාත්මක භාවය හා ඒවායේ ආරක්ෂිත ගැටලු රැසක් ද හඳුනාගෙන ඇත. 

මේ ස්ටෙන්ට් භාවිත කිරීමෙන් රෝගියාගේ හෘද රුධිර නාළ තුළ නිසි තැනට යොමු නොවීම, ස්ටෙන්ට් ගැලවී යාම, හදිසි රුධිර කැටි ගැසීම් (Acute Stent Thrombosis) සහ ස්ටෙන්ට් නිසි ලෙස විහිද නොයාම ආදී ගැටලු ගණනාවක් හමුව ඇති බවද පැවෙස්.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) වෛද්‍ය උපකරණ ඇගැයීම් කමිටුව මගින් සිදුකළ විමර්ශනයකදී අදාළ ගැටලු හඳුනාගෙන තිබේ.

වෛද්‍ය සැපැයුම් අංශය විසින් නිකුත් කර ඇති MSD/Q/S/2026/7 දරන චක්‍රලේඛයට අනුව මෙම ස්ටෙන්ට් භාවිතයෙන් රෝගීන්ට විවිධ සංකූලතා ඇතිවීමේ අවදානමක් මතුවිය හැකි බව සඳහන් කර ඇත. 

ඊට අමතරව රෝගීන් සඳහා අමතර උපකරණ භාවිත කිරීමටත්, කාලය අපතේ යාම සහ වියදම් අධික වීම ආදිය ද සිදුවන බවට හඳුනාගෙන ඇත.

මේ හේතූන් මත SR 13501504, SR 13501409, SR 13501506 යන අංක යටතේ ලියාපදිංචි කර ඇති ස්ටෙන්ට් වර්ග තුන සහ ඒවාට අදාළ BLG 16 සහ BLG 11 බැච් අංක භාවිතයෙන් මෙලෙස ඉවත් කොට තිබේ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka