gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගණේමුල්ල සංජීව සහ කජ්ජා ඝාතනයේ මහමොළකරු, ගම්පහ ඔස්මන්!... ඒවා දේශපාලන කුමන්ත්‍රණ - කීර්ති රත්නායක හෙළි කරයි

ශ්‍රී ලංකාවේ ආන්දෝලනයට ලක්වූ පාතාල ඝාතන කිහිපයක සැබෑ තොරතුරු සහ ඒ පිටුපස පැවති රහසිගත දේශපාලන දෘෂ්ටිවාදාත්මක කුමන්ත්‍රණ පිළිබඳව කීර්ති රත්නායක මහතා සිය නිල සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ විශේෂ හෙළිදරව්වක් සිදුකර තිබේ. ප්‍රකට පාතාල කල්ලි නායකයෙකු වූ ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ මහමොළකරු නීතිඥ තමරා කුමාරි අබේරත්න මහත්මිය බවට මීට මාස කිහිපයකට පෙර පොලීසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව මත පළ කළ ද, තමන් ඊට වෙනස් මතයක් දරමින් එහි සැබෑ මහමොළකරු 'ගම්පහ ඔස්මන්' බව මුලින්ම රටට අනාවරණය කළ බව හෙතෙම පෙන්වා දෙයි.

එම හෙළිදරව්වෙන් දින දහයකට පසු ගම්පහ ඔස්මන් අත්අඩංගුවට පත්වීමත් සමඟ එම ඝාතනයේ සැබෑ සැලසුම්කරු ඔහු බව තහවුරු වූ අතර, මෙම ඝාතනය සඳහා ඔහුට විශේෂ කාර්ය බළකායේ (STF) සහය පවා ලැබී ඇති බවත්, ඔහු 'පද්මේ' නමැති පාතාල කල්ලියේ ප්‍රධාන අණදෙන නිලධාරියා බවත් හෙළිවී ඇත. මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ඊයේ දින අධිකරණයට දන්වා ඇත්තේ නීතිඥ තමරා කුමාරි මහත්මියට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ කටයුතු නොකරන බව ද ඔහු සිය සටහනෙන් පෙන්වා දෙයි.

කීර්ති රත්නායක මහතා පවසන පරිදි, මීට පෙර 'රාජපක්ෂලාගේ' ගිණුමට බැර කර තිබූ ප්‍රකට 'කජ්ජා' (Kajja) ඝාතනයේ සැබෑ මහමොළකරු ද මෙම ගම්පහ ඔස්මන් නමැත්තාම වේ. 2025 පෙබරවාරි 18 වන දින සිදුවූ කජ්ජා ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස 'බැකෝ සමන්' (Backo Saman) නමැත්තා මේ වන විට ඉන්දුනීසියාවේදී පද්මේගේ කල්ලිය සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ගම්පහ ඔස්මන්ගේ ප්‍රධාන ගෝලයෙකු බව තහවුරු වී තිබේ. මෙම ගම්පහ ඔස්මන් නමැත්තා දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රබලයෙකු සමඟ සමීප සබඳතා පැවැත්වූ අයෙකු බව ද රත්නායක චෝදනා කරයි. 2025 මැයි 06 වන දින පැවැත්වුණු පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින්, රාජපක්ෂලාට එරෙහි දෘෂ්ටිවාදයක් සමාජගත කිරීම සඳහා සිදුකළ ව්‍යාජ මෙහෙයුමක (False flag operation) ප්‍රතිඵලයක් ලෙස මෙම කජ්ජා ඝාතනය සැලසුම් කර තිබූ බව කීර්ති රත්නායක හෙළිකරයි.

මෙහිදී සැලසුම්සහගත ලෙස මුලින්ම කජ්ජා නමැත්තා යුටියුබ් (YouTube) නාලිකාවකට සම්බන්ධ වී රාජපක්ෂලාට එරෙහිව දරුණු ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, ඉන් අනතුරුව ඔහුව ඝාතනය කර එම වගකීම රාජපක්ෂවලා පිට පැටවීමට, කටයුතු කර තිබේ. ඒ හරහා මැතිවරණ සමයේ දේශපාලන වාසි ලබාගැනීමට මෙම කල්ලිය කටයුතු කර ඇති බවත්, බැකෝ සමන් විසින් මෙහෙයවූ මෙම ඝාතන ජාලය ගම්පහ ඔස්මන් හරහා ප්‍රබල දේශපාලකයා දක්වා දිවෙන බවත් කීර්ති රත්නායක පෙන්වා දෙයි. රටේ දේශපාලනඥයන් සහ සෙසු මාධ්‍යවේදීන් මෙවැනි බරපතල තිරයෙන් පිටුපස සිදුවීම් පිළිබඳව ප්‍රශ්න නොකිරීම ජාතික ඛේදවාචකයක් බව පවසන ඒ මහතා, ඉදිරියේදී තවත් මෙවැනිම සුවිශේෂී ඝාතනයක සැබෑ තොරතුරු රට හමුවේ අනාවරණය කිරීමට සූදානම් බව ද වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka