ජොන්ස්ටන්ගේ හෝටලය පොලිසියෙන් වටලයි!
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් කොළඹ පිහිටි හෝටලයක් වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් විශේෂ පරීක්ෂාවකට ලක් කර තිබේ. පොලිසියට ලැබුණු විශේෂ තොරතුරකට අනුව, කොටු මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තු නියෝගයක් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.
මෙම පරීක්ෂාව සිදු කරන අවස්ථාවේදී ඒ පිළිබඳ විමසිලිමත් වීම සඳහා නීතිඥවරුන් හයදෙනෙකුගේ අධීක්ෂණය ද ලබා දී තිබූ බව වාර්තා වේ.
කෙසේ වෙතත්, අදාළ හෝටල් පරිශ්‍රය දැඩි සෝදිසියට ලක් කළ ද එහි තිබී කිසිදු නීති විරෝධී දෙයක් සොයා ගැනීමට නොහැකි වූ බව පොලිසිය සඳහන් කළේය.
මේ පුවත තව අයට බලන්න
ජොන්ස්ටන්ගේ හෝටලය පොලිසියෙන් වටලයි!
2026-06-17T06:26:00+05:30
Gossip Lanka Hot News





