gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

“ඒක මගේ වැඩක්” - කෙසෙල් කඳේ අයිතිය විමල් ඉල්ලයි

ඉවත දමන කෙසෙල් ගසේ කඳෙන් ලබාගන්නා කෙඳි යොදාගනිමින් රෙදිපිළි සහ ඇඟලුම් නිෂ්පාදනය කිරීමේ නවෝත්පාදන වැඩසටහන තමන් කර්මාන්ත අමාත්‍යවරයාව සිටි සමයේ ආරම්භ කරන ලද්දක් බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

වත්මන් ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකු විසින් මෑතකදී කරන ලද ප්‍රකාශයක් විවේචනය කරමින් විමල් වීරවංශ මෙසේ ලියා ඇත:

” ‘එහෙන් කෙසෙල් කඳ දැම්මම මෙහෙන් ඇඳුම් එළියට එන ෆැක්ටරියක් හදනවා’ යැයි වත්මන් රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් පවසන ආකාරය උපේක්ෂාවෙන් බලා සිටියෙමි.”

රජයේ අමාත්‍යවරයා එම ප්‍රකාශය කිරීමට බොහෝ කලකට පෙර, එනම් තමන් කර්මාන්ත ඇමතිවරයාව සිටි 2019 වසරේදී කෙසෙල් කෙඳි මගින් නිපදවූ රෙදිපිළි සහ ඇඟලුම් එළිදැක්වීම මෙන්ම ළදරු ඇඳුම් සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත සහතික ලබාදීම ද සිදුකළ බව හිටපු අමාත්‍යවරයා පෙන්වාදෙයි.

එකල කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය යටතේ පැවති ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය (SLITA) මගින්, මොරටුව විශ්වවිද්‍යාලයේ පර්යේෂණ අංශය ද සමඟ එක්ව මෙම සුවිශේෂී ව්‍යාපෘතිය ආරම්භ කළ බව විමල් වීරවංශ සිහිපත් කරයි.

එම අමාත්‍යාංශ මැදිහත්වීමෙන් සිදුකළ නවෝත්පාදන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස, මේ වන විට පෞද්ගලික ආයතන රැසක් කෙසෙල් නූල්වලින් ඇඟලුම් නිෂ්පාදනය කරමින් සිටින බවත්, ඇතැම් නවෝත්පාදකයන් එම නිෂ්පාදන විදේශ රටවලට අපනයනය කිරීමට පවා සමත්ව ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka