gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජීවිත තර්ජන නිසා ‘හරක් කටා’ සහ ‘මිදිගම රුවන්’ මින්පසු උසාවි එන්නේ නැහැ - නඩු විභාගය ඔන්ලයින් ක්‍රමයට කරන්න මහාධිකරණයෙන් නියෝග!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් (CID) පලායාමට තැත්කිරීමේ සිද්ධියට අදාළව මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ සහ ජයසේකර විතානගේ රුවන් චාමර නොහොත් ‘මිදිගම රුවන්’ ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට ඊයේ (23දා) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදෙනු ලැබීය.

මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී, දැනට රැඳවුම් භාරයේ පසුවන ප්‍රධාන විත්තිකරුවන් දෙදෙනා වන ‘හරක් කටා’ සහ ‘මිදිගම රුවන්’ විශේෂ පොලිස් හා ආරක්ෂක බලඇණිවල දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

මෙහිදී විත්තිකරුවන්ට දැඩි ජීවිත තර්ජන පවතින බව සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා, ඉදිරි නඩු වාර සඳහා ඔවුන්ව අධිකරණය වෙත සෘජුව කැඳවීමෙන් වළකින ලෙස නියෝග කළේය.

ඒ වෙනුවට මින්පසු ඔවුන්ව මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේ නඩු විභාගයට සම්බන්ධ කර ගැනීමට විනිසුරුවරයා නියෝග කළේය.

අධිචෝදනා කියවා දීමෙන් අනතුරුව විත්තිය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මූලික විරෝධතාවක් මතුකළේය.

ඔහු කියාසිටියේ සිය සේවාදායකයන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පැවරීමට විරුද්ධ වන බවයි. මෙම චෝදනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ මූලික අරමුණු සමඟ නොගැලපෙන බව විත්තියේ නීතිඥවරු තර්ක කළහ.

කෙසේවෙතත් පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි රජයේ අධිනීතිඥ සචින්ත බණ්ඩාර පෙන්වාදුන්නේ, විත්තියේ විරෝධතාවල නෛතික පදනමක් නොමැති බවයි.

විත්තිකරුවන් රඳවා තබාගැනීමට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් මීට පෙර අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් පවා ප්‍රතික්ෂේප කර ඇති බව රජයේ නීතිඥවරයා මතක්කර දුන්නේය.

දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ විනිසුරුවරයා මූලික විරෝධතාව පිළිබඳ නියෝගය ලබන ජූලි 30 වැනිදා ප්‍රකාශ කිරීමට දින නියම කළේය.

නීතිපතිවරයා විසින් ගොනුකර ඇති අධිචෝදනා පත්‍රයට අනුව, මෙම අපරාධකාරී කුමන්ත්‍රණය සිදුව ඇත්තේ 2023 අප්‍රේල් 01 වැනිදා සහ සැප්තැම්බර් 10 වැනිදා අතර කාල සීමාව තුළය.

මෙහි ඇති විශේෂත්වය වන්නේ ‘හරක් කටා’ට පළායෑමට ආධාර අනුබල දුන් බවට චෝදනා ලැබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේම සේවය කළ හිටපු පොලිස් කොස්තාපල්වරයකු වන මුනිපාලගේ රවිඳු සංදීප ගුණසේකර සහ ඇල්ලාලගොඩ මද්දුමගේ දිනේෂ් තරංග යන අයද මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම්කර සිටීමයි.

ඊයේ නඩු වාරය සඳහා විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා සමඟ නීතිඥ සංජය ආරියදාස සහ උදුල් ප්‍රේමරත්න යන අය පෙනීසිටියහ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka