gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සලේ පාස් කරන් ප්‍රශ්නය ගෝඨා ලඟට එනකොට ඇයි මේ රත් වෙලා… අධිකරණ ඇමති අසයි

දින 90ක් තිස්සේ රැඳවුම් නියෝග ලැබ සිටි සුරේෂ් සලේ සම්බන්ධව කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැති නමුත් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ගුවන් ගමන් තහනමක් ගත් සැනින් කට්ටිය රත් වී කෙඳිරි ගාන්නට පටන් ගන්නේ කුමක් නිසාදැයි ජනතාව සිතා බැලිය යුතු බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර ඊයේ (09) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ඔහු කීවේ තමන් වැඩිදුර කථා නොකරන බවත් තව මාස කීපයක් බලාගෙන සිටිනවිට සිදුවන්නේ කුමක්දැයි හරියටම වැටහෙනු ඇති බවත්ය. ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් මෙසේද අදහස් දැක්වීය.

“ඉස්සර ඇහුවා අර කැබ් එකේ දාගෙන ආපු ෆයිල් ටික කෝ. මාධ්‍යයට පෙන්නපු ෆයිල් ටික කෝ. ඒ වෙලාවේ අපේ ජනාධිපති සහෝදරයා මේ පාර්ලිමේන්තුවෙදිම කිව්වා පටන් අරන් අල්ලනකොට කෙඳිරි ගාන්න එපා කියලා කිව්වා. මුලින්ම විපක්ෂයේ සමහර අය කිව්වේ අල්ලන්න… අපි ඉන්නවා අපි ඉන්නවා කියලා. දැන්… මෙන්න බුදු අම්මෝ පලි ගන්නවා ලු.

සලේ සම්බන්ධව පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණය අධිකරණය නිවැරදිව කරලා ඉදිරියේ දී නීති කටයුතු කරනවා. ඒකට අපේ මැදිහත් වීමක් නෑ. හැබැයි මීට කලින් ඒ මනුස්සයා දවස් 90ක් ඇතුළෙ හිටිය නේ. එතකොට කවුරුත් කෙඳිරි ගෑවේ නෑ. රාබුයි බතුයි කනවා කියලා කිව්වේ නෑ. මරාගෙන මැරෙනවා කියලා කිව්වේ නෑ. අම්මලා දුවලා තාත්තලා කොහේ හිටිය ද කියලා අපි දැක්කෙත් නෑ.

හැබැයි ගෝඨාභය රාජපක්ෂට විදේශ ගමන් තහනමක් ගත්ත ගමන්ම ඔන්න කට්ටිය රත් වෙන්න ගන්නවා. එතකොට මොකට ද ඒ කෙඳිරි ගාන්නේ. දවස් 90ක් ප්‍රශ්නයක් නෑ. සලේ ට හොඳට කෑම බීම හම්බවුනා. නියමයි. දැන් රාබුයි බතුයි… ඒ සත්‍යග්‍රහයෙ හිටපු කට්ටිය දිහා බලන්න. දහ දෙනෙක් එකතු කරගන්න බෑ. ගමන් බිමන් යන්න ඊට වඩා සෙනගක් ඇවිත් හිටියා. පොලිසිය හිටියා ඊට වඩා.

එතකොට එහෙමනම් අපි තේරුම් ගන්න ඕන මේ අඳෝනාව තියෙන්නේ සලේට ආදරේට නෙමෙයි. ඒ ගොල්ල බලාපොරොත්තු වෙනවා මේ විමර්ශනය කොහොම හරි කෑ ගහලා කරලා සලේ ගාවින් නවත්තගත්තොත් හොඳයි. ඊට වඩා උඩට ගියොත් අන්න මහ මොළකරු ඉන්නවා. කෙඳරිය එන්නේ ඒකනේ. මම එහෙමයි හිතන්නේ. විමර්ශනය ගැන මම දන්නේ නෑ නෙ. ඒක පොලිසියෙන් කරන්නේ.

මේ කෙඳිරිය කොහොමද ගෝඨාභය රාජපක්ෂට විදෙස් ගමන් තහනම ලැබුණු ගමන් එන්නේ. රාබුයි බතුයි කැරපොත්තොයි කොහොමද එක දවසේ එන්නේ. වෙන්ඩ බෑ. ඒ නිසා අපි මේ බුද්ධිමත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා… අප ඔබලාට දුන් පොරොන්දුවක් බලයට එනකොට පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉෂ්ඨ කරනවා, විමර්ශනය සිදුකරනවා… සියලුම දෙනා සාක්ෂි මත අධිකරණයට ඉදිරිපත් කිරීම අපි කරනවා කියලා කිව්වේ. අන්න ඒ වෙනකොට තමයි කට්ටිය කෙඳිරි ගාන්නයි කෑ ගහන්නයි පටන් අරන් ඉන්නේ. දැන් ඉන්නේ අනුකම්පාව දිනා ගැනීමේ වැඩක. ඒත් වැඩක් වෙන්නේ නෑ.

මොකද මේ රටේ මිනිස්සු 278ක් මැරුණා. 500කට එහා තුවාල වුනා. ඒ ගැන කථා නොකරපු නාලිකා අද කිඹුල් කඳුළු හෙළනවා. සරත් ෆෝන්සේකලාට ජම්පර් ගහලා ඇතුළට ගෙනියනකොට කවුද හිටියේ මේ ගොල්ල රණ විරුවො කියලා කියන්න. මම ජනතාවට කියනවා. ඔබලා පත් කළ ආණ්ඩුව ගැන සන්තෝස වෙන්න. දුන්න පොරොන්දු ඉෂ්ඨ වෙනවා. තව මාස කීපයක් බලාගෙන ඉන්න. මම කතා කරන්නත් ඕන නෑ. වැඩ ඔක්කොම සිද්ධ වෙලා තියෙයි.”
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka