gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බම්බලපිටියේ සුඛෝපභෝගී නිවසින් ඥානසාර හිමි ඇතුළු පිරිස ඉවත්වෙයි - චෛත්‍යයක් හදන්න උපාසිකාවක් පූජා කළ නිවසක්ලු!

බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී නිවසකින් ඉවත් වී, එහි නීත්‍යානුකූල උරුමකරුවන්ට එය යළි භාරදීමට ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා දෙනමක් එකඟතාව පළකිරීම හේතුවෙන් උන්වහන්සේලාට එරෙහිව පවරා තිබූ නඩුවක් ඉල්ලා අස්කර ගැනීමට කොළඹ මහාධිකරණය අවසර ලබා දී තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ පසුගිය ජුනි 01 වැනිදා මෙම නඩුව කැඳවනු ලැබීය.

එහිදී විත්තිකාර භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේ, අදාළ සුඛෝපභෝගී නිවස එහි නියම උරුමකරුවන්ට ලබාදී විත්තිකාර හිමිවරුන් එම නිවසින් ඉවත් වීමට සූදානම් බවයි.

විත්තිකාර පාර්ශවයේ මෙම ප්‍රකාශයත් සමඟ, පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු විරෝධතාවක් නොමැති බව අගතියට පත් පාර්ශවය අධිකරණයට දැනුම්දුන්නේය.

ඒ අනුව නඩුව ඉවත් කර ගැනීමට විනිසුරුවරයා අවසර ලබාදුන්නේය.

මෙම නඩු විභාගයේදී විත්තිකාර හිමිවරුන්ගේ නීතිඥවරුන් කරුණු දක්වමින් කියාසිටියේ, විදේශගතව පදිංචිව සිටින උපාසිකාවක විසින් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙත මෙම දේපල පූජාකර තිබූ බවයි.

එම සුඛෝපභෝගී මහල් නිවාසය විකුණා, ඉන් ලැබෙන මුදල් යොදවා චෛත්‍යයක් ඉදිකිරීම උන්වහන්සේලාගේ අරමුණ වී තිබූ බව ද නීතිඥවරු අධිකරණයට පෙන්වාදුන්හ.

කෙසේ වුවද, අගතියට පත් පාර්ශවය සිය පැමිණිල්ල මඟින් මීට පෙර පවසා තිබුණේ ඇමරිකාවේ පදිංචි සිය ළඟම ඥාතියෙකු විසින් නීත්‍යානුකූල බලපත්‍රයක් (Power of Attorney) මඟින් මෙම නිවසේ අයිතිය තමන් වෙත පවරා ඇති බවයි.

එසේ තිබියදී ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු පිරිස තමන්ට එම නිවසට ඇතුළු වීමට ඉඩ නොදී නීති විරෝධී ලෙස බාධා පමුණුවන බවට ඔවුහු චෝදනා කර තිබූහ.

කෙසේවෙතත්, දෙපාර්ශවය අතර ඇතිවූ එකඟතාව මත නිවසේ අයිතිය නැවත උරුමකරුවන්ට පැවරීමත් සමඟ මෙම නඩු කටයුත්ත අවසන් විය.

(මූලාශ්‍රය – whatnews)
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka