gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉරානය බොරු කිවුවොත් සාකච්චා වහාම නවත්වනවා - ට‍්‍රම්ප්

හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවලින් ඉරානය විසින් කිසිදු ආකාරයක බදු, රක්ෂණ ගාස්තු හෝ වෙනත් කිසිදු අයකිරීමක් සිදු නොකරන බවට එරට රජය එක්සත් ජනපදය වෙත දැනුම් දී ඇතැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ සිය නිල 'Truth Social' සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ විශේෂ සටහනක් තබමිනි.

සමහර මාධ්‍ය ආයතන විසින් මේ සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු වාර්තා කර ඇති බව පෙන්වා දෙන ජනාධිපතිවරයා, ඉරානය විසින් ලබා දී ඇති මෙම තොරතුරු අසත්‍ය බව ඔප්පු වුවහොත් එරට සමඟ පවතින සියලු සාකච්ඡා වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා දමන බවට ද අනතුරු අඟවා තිබේ.

එක්සත් ජනපදය විසින් මේ දක්වා ඉරානය වෙත කිසිදු මුදලක් ලබා දී හෝ නිදහස් කර නොමැති බව අවධාරණය කරන ජනාධිපති ට්‍රම්ප්, මේ වන විට ඇමෙරිකාව සන්තකයේ පවතින ඉරානයට අයත් මුදල්වලින් කොටසක් ඉදිරියේදී නිදහස් කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, එම මුදල් සෘජුවම ඉරානයට ලබා නොදෙන අතර, ඒවා එක්සත් ජනපදයේ ගොවීන් සහ ගව පාලකයන් වෙත ලබා දීමට පියවර ගැනේ. එමඟින් ඇමෙරිකානු කෘෂිකාර්මික නිෂ්පාදන වන බඩඉරිඟු, තිරිඟු, සෝයා බෝංචි ඇතුළු තවත් ද්‍රව්‍ය රැසක් මිලදී ගැනීමට නියමිතය.

මේ වන විට ඉරානය තුළ දැඩි ආහාර හිඟයක් පවතින බැවින්, ඔවුන් වෙනුවෙන් අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සිදු කරන්නේ සුවිශේෂී ලෙස ඇමෙරිකානු වෙළෙඳපොළෙන් පමණක් බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka