මීගොඩදී ඩබල් කැබ් රථයක් දන්සලකට කඩාවදියි - කාන්තාවන් තිදෙනකු ඇතුළු 6ක් මරුට!
මීගොඩ හන්දිය අසල පැවැත්වුණු වෙසක් දන්සලක රැස්ව සිටි පිරිසක් වෙත ඩබල් කැබ් රථයක් කඩාවැදීමෙන් පුද්ගලයන් හයදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
අනතුරින් තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මොවුන් මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.
වේගයෙන් පැමිණි කැබ් රථය පාලනය කරගත නොහැකිව වෙසක් දන්සල අසල රැස්ව සිටි ජනතාව දෙසට ධාවනය වී මෙම අනතුර සිදුව ඇති අතර, ඉන් විශාල පිරිසකට බරපතළ තුවාල සිදුව තිබේ.
අනතුර සිදුවීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
අනතුර සිදුකළ කැබ් රථයේ රියදුරු මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.
මියගිය පුද්ගලයන්ගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කර නොමැති අතර, රෝහල්ගතව ප්‍රතිකාර ලබන තුවාලකරුවන් සංඛ්‍යාව ද මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නොමැත.
මේ පුවත තව අයට බලන්න
මීගොඩදී ඩබල් කැබ් රථයක් දන්සලකට කඩාවදියි - කාන්තාවන් තිදෙනකු ඇතුළු 6ක් මරුට!
2026-06-01T07:04:00+05:30
Gossip Lanka Hot News





