gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

භයානක ලෙස එල්නිනෝ එනවා.. ජල මූලාශ‍්‍ර සිදී යනවා.. මුහුදු වතුර පිරිසුදු කර බොන්න වෙනවා..- අතිරේක ලේකම්

ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවට බලපෑ හැකි දැඩි එල්නිනෝ කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙරට ජල මූලාශ්‍ර සිඳී යාමේ බරපතල අවදානමක් පවතින බවත්, එම තත්ත්වය හමුවේ සාගර ජලය පිරිපහදු කර පානයට ලබා දීමට පවා සිදුවිය හැකි බවත් ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් කේ.ජී.පී. ධර්මතිලක මහතා අනතුරු අඟවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලොවට බලපෑ හැකි නවතම එල්නිනෝ කාලගුණ රටාව පිළිබඳව කර ඇති අනතුරු ඇඟවීම් සලකා බලමින්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවති විශේෂ සැසියකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

මෙරටට බලපෑ හැකි මෙම තත්ත්වය හමුවේ උද්ගත විය හැකි බැරෑරුම් තත්ත්වයන් සහ ඒ සඳහා පවතින පෙර සූදානම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.

ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වය මීට පෙර අසා නොමැති තරම් බැරෑරුම් විය හැකි බව පෙන්වා දුන් අතිරේක ලේකම්වරයා, මෙහිදී ඇතිවන ප්‍රධානතම ගැටලුව ජල මූලාශ්‍ර සිඳී යාම බව සඳහන් කළේය.

සාමාන්‍යයෙන් පවතින වියළි කාලගුණ තත්ත්වයන්හිදී ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය හරහා බවුසර් රථ යොදාගනිමින් පළාත් පාලන ආයතන සමඟ එක්ව ජලය බෙදා හැරීමට පියවර ගන්නා නමුත්, ඉදිරි එල්නිනෝ තත්ත්වය හමුවේ ජල මූලාශ්‍ර සම්පූර්ණයෙන්ම සිඳී යාමෙන් එම ක්‍රියාවලිය ද අසීරු වනු ඇති බව ඔහු පෙන්වා දෙයි.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ධර්මතිලක මහතා ප්‍රකාශ කළේ, ජල මූලාශ්‍ර හිඳී යාමේ ප්‍රශ්නය දැඩිව බලපෑවොත් ජලය ලබාගැනීම සඳහා සාම්ප්‍රදායික නොවන ක්‍රමවේදයන් කෙරෙහි අවධානය යොමු කිරීමට සිදුවන බවයි.

"සාගර ජලය පිරිසිදු කරලා බෙදන තත්ත්වයක් වගේ දෙයක් ගැන අපිට හිතන්න වෙයි. ඒ සඳහා අපිට පෙර සූදානම් වීමේ සැලසුම් කරන්න වෙයි," යනුවෙන් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka