gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සලේ මාලිමා වේදිකාවට නොනැග කළේ ලොකු වරදක්… නැග්ගා නම් අද ආරක්ෂක ලේකම්…!

1987 වසරේ දෙවන ලුතිනන්වරයෙකු ලෙස හමුදාවට බැඳුණු සුරේෂ් සලේ මේජර් ජනරාල්වරයෙකු ලෙස විශ්‍රාම ගිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසයි. කෙසේ වුවද පසුගිය මැතිවරණයේදී සුරේෂ් සලේ බලවත් වරදක් කළ බවත් ඒ ජාතික ජන බලවේග මැතිවරණ වේදිකාවට ගොඩනොවීම බවත් ඔහු පෙන්වාදෙයි.

එසේ ගොඩවූයේ නම් වර්තමාන ආණ්ඩුවේ ආරක්ෂක ලේකම් සලේ බවත්, සලේ මෙන් වරද්දා නොගෙන රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර මාලිමා වේදිකාවට ගොඩවූ බවත් චාමර සම්පත් දසනායක ප්‍රකාශ කරයි.

පසුගිය යහපාලන ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහගේ ගෝලයන් ලෙස කටයුතු කළ රවී සෙනෙවිරත්න, ශානි අබේසේකර සහ ආනන්ද විජේපාල මේ ආකාරයට පුද්ගලයන් දඩයම් කළ බවද ඔහු සඳහන් කරයි.

උත්සව අවස්ථාවක් අමතමින් හෙතෙම මේ බව කීය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka