ටිල්වින් සිල්වා දිවුරුම් පෙත්සමකින් ගල් අගුරු කොමිසමට සොරි කියයි...
ගල් අඟුරු වංචා සම්බන්ධයෙන් පරීක්‍ෂණය පැවැත්වීමට පත්කරන ලද ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාව මගින් තම ආණ්ඩුවේ අය නිවැරදි වනු ඇති බවටත් විපක්ෂයේ අය වරදකරුවන් වනු ඇති බවටත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පසුගිය මැදි දිනයේදී කරන ලද ප්‍රකාශයකට අදාලව තම කණගාටුව පළ කර තිබේ.
පසුගිය මැයි දින රැලියකදී මෙම කොමිෂන් සභාවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ඔහු විසින් සිදු කරන ලද ප්‍රකාශයක් පදනම් කර ගනිමින් කොමිසම මගින් ඔහුව කැඳවා තිබුණි.
ඒ අනුව කොමිසම හමුවේ පෙනී සිටි ඒ මහතා, දිවුරුම් ප්‍රකාශයක් ලබා දෙමින් එම ප්‍රකාශය සම්බන්ධයෙන් සිය කණගාටුව පළ කළ බව වාර්තා වේ.
මේ අතර, ගල්අඟුරු ගනුදෙනු පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම වෙත පැමිණිලි භාර ගැනීම පසුගිය 22 වනදා අවසන් වූ බව එම කොමිසම සඳහන් කරයි.
පැමිණිලි භාරගත් කාල සීමාව තුළ කොමිසමට පැමිණිලි 28ක් ලැබී ඇති අතර, එම පැමිණිලි සලකා බැලීමේ කටයුතු පසුගිය සතියේ සිට ආරම්භ කර තිබේ.
මෙම ගල්අඟුරු ගනුදෙනු පිළිබඳව මහජන අදහස් විමසීමේ කටයුතු ජූලි මාසයේ පළමු සතියේ සිට ආරම්භ කිරීමට කොමිෂන් සභාව බලාපොරොත්තු වේ.
-lankacnews
ටිල්වින් සිල්වා දිවුරුම් පෙත්සමකින් ගල් අගුරු කොමිසමට සොරි කියයි...
2026-06-04T22:49:00+05:30
Gossip Lanka Hot News





