gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බල නහර කියලා එකක් නෑ.. මරණකරුම කපාගෙන..- රංග රාජපක්‍ෂ මරණය ගැන අධිකරණයේදී

මහා භාණ්ඩාගාරයේ විදෙස් සම්පත් ඒකකයේ සේවය නියුතුව සිටියදී මියගොස් සිටි රංග නිශාන්ත මහතාගේ මරණය තමන් විසින්ම කැපුම් තුවාල සිදුකරගත් නිසා ඇතිවූ මරණයක් බවට සිව් පුද්ගල කමිටුව ඒකමතිකව තීන්දුකළබැව් අධිකරණ වෛද්‍ය නිලධාරී  කමිටු සභාපති විශේෂඥ අධිකරණ වෛද්‍ය ඉලංගරත්න බණ්ඩා මහතා කුලියාපිටිය මහේස්ත්‍රාත් මිහිල් චිරන්තන සතරසිංහ මහතා ඉදිරියේ සාක්ෂි ලබාදෙමින් පැවසීය.

ඉකුත් නඩුවාරයේදී මරණකරුගේ බිරිඳ, දියණිය ඇතුළු පිරිසකගේ සාක්ෂි විභාගය පැවැත්වූ අතර (03)  අධිකරණ වෛද්‍ය නිළධාරී ඉලංගරත්න බණ්ඩා, මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් රත්නායක, නිල සුනක්ඛයා මෙහෙයවූ සැරයන් ඇතුළු විමර්ශකයින් විමර්ශකයින්ගෙන්.  සාක්ෂි ලබා ගැනීම සිදු කළහ.

එහිදී සාක්ෂි විභාගය මෙහෙයවූයේ වයඹ පළාත භාරයේ වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා මරණකරුගේ ශරීරයේ තිබූ කැපුම් තුවාල සහ බල නහර පිළිබඳව වෛද්‍ය විද්‍යානුකූල පසුබිමද විමසා සිටි අතර ඊට පිළිතුරුලබාදුන් අධිකරණ වෛද්‍ය නිළධාරී  ඉලංගරත්න බණ්ඩා මහතාබල නහර ලෙස බටහිර වෛද්‍ය විද්‍යාවේ හැඳින්වෙන ශරීරාංගයක් නොවන බවත් ඒ පිළිබඳව ආයුර්වේද වෛද්‍ය මහාචාර්‍යවරුන් හා සමගද සාකච්ඡා කළබවත් දන්වමින් මෙම මෘත දේහය ඉතා සියුම් ආකාරයෙන් විච්ඡේදනය කරමින් පරීක්ෂණ පැවැත්වූ විශේෂඥ  වෛද්‍ය වරුන් සිව් දෙනාම මෙය තමන් විසින්ම කපාගන සිදුවූ තුවාල බවත් ඉන් රුධිර වහනයවීමේදී ඇතිවූ කම්පනයහේතුවෙන් සිදුවූ මරණයක් බවත් තීරණය කලබව පැවසීය.  සාක්ෂි විභාගය මැදදී පෙන්වාසිටි මරණකරුගේ ඇඳුම් සෙරෙප්පු හා පිහිය ද වෛද්‍යවරයා විසින් හඳුනාගත් අතර තුවාලවූ ස්ථානවල ඡායාරූප අධිකරණය බාරයට පත්කළේය.

කෙසේවෙතත් රසපරීක්ෂක  වාර්තා ද පැමිනිපසු එහි ස්ථාවරයද සලකා අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 30 වගන්තිය ප්‍රකාරව නියෝගයක් ලබාදෙන ලෙස එහිදී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා අධිකරණයෙන් අයැදසිටියේය.

කරුණු සැලකිල්ලටගත් කුලියාපිටිය මහේස්ත්‍රාත් මිහිල් චිරන්තන සතරසිංහ මහතා එමනඩුව යළි 12 දින කැඳවීමට නියම කළේය.

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka