gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රාජපක්ෂලා දිනවන්න ඊළම් සහය දෙන්න හැදූ අර්චුනාට යාපනයෙන් සෙරෙප්පු මාලයක්!

යාපනය නගරය ආසන්නයේ ප්‍රධාන මාර්ගයක ප්‍රදර්ශනය කර තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාගේ විශාල රුව රැගත් බැනරයකට සෙරෙප්පු මාලාවක් පලඳවා තිබීමේ සිදුවීමක් යාපනයෙන් වාර්තා වේ. යාපනය ප්‍රධාන මාර්ගයේ චින්නකඩේ ප්‍රදේශය අසල මෙම අඩි 10ක් පමණ උසැති බැනරය සවි කර තිබූ අතර, එහි මන්ත්‍රීවරයාට අපහාස වන අයුරින් විවිධ පාඨයන් ද සටහන් කර තිබූ බව වාර්තා වේ.

පසුගිය සතියේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සමග උත්සවයකට එක්වී කතාවක් පවත්වමින් රාජපක්ෂවරුන් දිනවීම සඳහා ඊළාම් ඩයස්පෝරාවේ සහාය ලබාදෙන බවට මොහු කළ ප්‍රකාශය ආන්දෝලනයට තුඩු දුණි.

ඊට අමතරව පසුගිය දිනක යාපනයේ පැවැති සම්බන්ධීකරණ කමිටු රැස්වීමකදී මන්ත්‍රීවරයා සභා ශිෂ්ටාචාරයෙන් බැහැරව අසභ්‍ය සහ නොහොබිනා වචන භාවිත කරමින් කටයුතු කිරීම සහ එම රැස්වීම් කඩාකප්පල් කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව විවේචන එල්ල වෙමින් පැවතිණි. විශේෂයෙන්ම, බ්‍රහස්පතින්දා දින පැවැති තෙල්ලිප්පලෙයි ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ඔහු ඉතා පහත් අයුරින් හැසිරුණු ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සීඝ්‍රයෙන් ප්‍රචාරය වීමත් සමඟ මෙම විරෝධය තවදුරටත් දැඩි වී තිබේ.

හඳුනා නොගත් පිරිසක් විසින් එදින රාත්‍රී කාලයේදී මෙම බැනරය ප්‍රදර්ශනය කර ඇති බවට සැක කෙරෙන අතර, එහි "පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාජපක්ෂ නීච උපතක්" යනුවෙන් සඳහන් කර මන්ත්‍රීවරයාගේ ඡායාරූපය මත සෙරෙප්පු මාලාවක් එල්ලා තිබුණි. මෙම සිදුවීමට අදාළ ඡායාරූප සහ දර්ශන සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරය වීමත් සමඟ, සිකුරාදා පෙරවරු 10:00 ට පමණ අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා සිය මෝටර් රථයෙන් අදාළ ස්ථානයට පැමිණ ඇත. එහිදී ඔහු විසින්ම එම බැනරය ඉරා දමා, එය සිය මෝටර් රථයේ පටවාගෙන එම ස්ථානයෙන් රැගෙන ගොස් ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka