gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘වසර දෙකකට පසු අයවැය පරාජය වන ප්‍රාදේශීය සභා සභාපතිවරුන් ධුරයෙන් ඉවත්වූවා සේ සැලකේ’ - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්!

ප්‍රාදේශීය සභාවක මුල් වසර දෙකක කාලයෙන් පසුව, සභාවේ වාර්ෂික අයවැය සඳහා සභිකයන්ගේ අනුමැතිය ලබාගැනීමට අපොහොසත් වන ඕනෑම ප්‍රාදේශීය සභා සභාපතිවරයකු සිය ධුරය අතහැර ගියා සේ (ධුරයෙන් ඉවත් වූවා සේ) සැලකෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

තමන්ව ධුරයෙන් ඉවත් කිරීමට එරෙහිව හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයකු විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් නිශ්ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දී ඇත.

ප්‍රාදේශීය සභා පනතේ ප්‍රතිපාදනවලට අනුව, වාර්ෂික අයවැය සභිකයන් ලවා සම්මත කරගැනීමට අපොහොසත් වීම හේතුවෙන් ප්‍රාදේශීය සභා සභාපතිවරයකු ධුරයෙන් ඉල්ලා අස්වූවා සේ සැලකෙන බව අධිකරණය මෙහිදී පෙන්වාදුන්නේය.

හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ වාර්ෂික අයවැය සම්මත කරගැනීමට අපොහොසත් වීම නිසා, 2014 වසරේදී තමන් ධුරයෙන් ඉල්ලා අස්වූවා සේ සලකා ගනු ලැබූ තීරණයකට එරෙහිව එම සභාවේ හිටපු සභාපති සුසන්ත ඥානරත්න විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් මෙලෙස නිශ්ප්‍රභ වී තිබේ.

අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ සම්පත් විජයරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ ඒකමතික තීන්දුව වූයේ, ව්‍යවස්ථාපිත කාලසීමාවට පෙර 2014 අයවැය සම්මත කරගැනීමට හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාව අපොහොසත් වීම හේතුවෙන්, නීතිය ක්‍රියාත්මක වීමේ බලපෑම මත පෙත්සම්කරු සභාපති ධුරය අතහැර ගියා සේ සැලකෙන බවයි.

ප්‍රාදේශීය සභා පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව සභාපතිවරයා ධුරයෙන් ඉල්ලා අස්වූවා සේ සැලකෙන බව දන්වමින් උතුරු මැද පළාත් පළාත් පාලන කොමසාරිස්වරයා විසින් 2014 ජනවාරි මාසයේදී හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාව වෙත නිකුත් කර තිබූ නිවේදනයකට එරෙහිව පෙත්සම්කරු විසින් මෙම සහනයක් ඉල්ලා තිබිණි.

මෙම පෙත්සමට පාදක වී ඇත්තේ 2012 අංක 21 දරන පළාත් පාලන ආයතන (විශේෂ ප්‍රතිපාදන) පනත මඟින් ප්‍රාදේශීය සභා පනතේ 169 වැනි වගන්තියට හඳුන්වා දුන් සංශෝධනයි.

එම සංශෝධනයට අනුව, සභාවක නිල කාලයේ මුල් වසර දෙකෙන් පසුව, අවස්ථා දෙකකදී අයවැයක් සම්මත කරගැනීමට අපොහොසත් වන සභාපතිවරයකු ධුරයෙන් ඉල්ලා අස්වූවා සේ සැලකේ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka